saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7149 hours ago

LATEST

පාළාත් පාලන මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට අභියෝග කරනවා

calendar_today 2021 ඔක් 07 - 16:40 remove_red_eye - 141  

එළැඹෙන අවුරුද්දේ පෙබරවාරි 09 වැනිදා පාළාත් පාලන ආයතන වල කාලය අවසන් වන බැවින් පාළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් එමගින් ජන මතය තිබෙන්නේ කොතැනද යන්න බලාගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඕමාන කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අරාධනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනි.

Read More

කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට කියයි.

Read More

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙමින් මවකගේ අක්මාවෙන් කොටසක් ගෙන සිය පුතුට බද්ධ කළ විශේෂ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිදුකර තිබේ ජීවත්ව සිටින පුද්ගලයකුගේ අක්මාවෙන් කොටසක් ගෙන දරුවකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව ඉතා සාර්ථක වූ බව පේරාදෙණිය ශික්ෂණ රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේ ය.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් තිදෙනෙක් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිධුරය සඳහා උසස්කර තිබේ. මේ අනුව මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙක් සේවයේ යෙදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණියේය.

Read More

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ කැබිනට් රැස්වීමක් අද (07දා) සවස පැවැත්වීමට නියමිතව තිබේ. ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ මිල සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Read More

එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම නොවැම්බර් 05 වෙනිදා සිට ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ආරම්භ කිරීමට තීරණය කරයි. ඒ අනුව ආරම්භයක් ලෙස නොවැම්බර් 05 වෙනිදා සිට ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට එම සමාගම එකඟ වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඉන්දන සඟවා හිඟයක් ඇති කර පසුව ඉන්දන මිල ඉහළ දැමීම ඉන්දන මිල පිළිබඳ ආණ්ඩුවේ මිල සූත්‍රය වී තිබෙන බවට සමාජ මාධ්‍යන්හී සඳහන් වන බවත් සාදනීය ලෙස ඛණිජ තෙල් මිල ඉහළ පහළ යෑම තුල ජනතාවට සහන සැලසීමේ මිල සූත්‍රය කුමක්ද යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

Read More

ප‍්‍රවාහන විෂයභාර ඇමතිනියගේ හා රත්නපුර දිස්ත‍්‍රික්කයේ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ අනුමැතිය ලැබෙන්නේ නම් කැණිවැලි දුම්රිය මාර්ගය කෙටි කාලයක තුල අඩු වියදමකින් ඇහැලියගොඩ දක්වා දීර්ඝ කළ හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඞී. ජයසුන්දර මහතා දැනුම්දුන් බව ජන එකමුතුව සංවිධානයේ ලේකම් ගීත් මානවමිත‍්‍ර මහතා පැවසුවේය.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට අනුගතව ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ට අද (07) සිට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

Read More

අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදුකර තිබේ.

Read More

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැකි යැයිද, සාකච්ඡා සම්මුති වලින් ඇතිවන එකඟතාවන් මත රැකියාවේ ගැටලු නිරාකරණය කරගනිමින් තෘප්තිමත් සේවාවක් ඉන් ලබා දිය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇ​ත .පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය අද (7) පැවැත්වීමට නියමිතයි.

Read More

වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර සඳහන් කර සිටියි.

Read More

මුව ආවරණ නොමැතිව පැමිණිම හේතුවෙන් ඉන්ධන ලබාදිම ප්‍රතික්ෂේප කිරිම නිසා මිගොඩ පිරවුම්හලක පහර දිමේ සිදු විමක් වාර්තා වුණා.

Read More

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාරදීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා සිදු කරන අරගලය ඉදිරියටත් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (06 දා) පැවසීය.

Read More

මෙම නිර්දේශය පදනම් වී ඇත්තේ ඝානා, කෙන්යාව සහ මලාවි හි පැවැත්වෙන නියමු වැඩසටහනක ප්‍රතිඵල මත 2019 සිට ළමයින් 800,000කට වැඩි සංඛ්‍යාවක් එන්නත් කිරීමෙන් පසුවය.

Read More

ලබන වසර (2022) සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රජය පවසයි.

Read More

තෙල් කාන්දුවක් සිදුවිය හැකි යැයි පළමු ඇමතුම ලබා දී පැය 10ක් යන තුරුත් එය පරීක්‍ෂා කිරීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීමෙන් පරිසරය විනාශය වැඩිවී ඇති බවට චෝදනා නැගෙයි.

Read More

දෛනික කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවා වාර්තාවීම සහ මරණ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවීම කිසි සේත්ම සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ජනාධිපති ඇල්ෆා කොන්ඩේට එරෙහි සැප්තැම්බර් 5දා දියත් කළ කුමන්ත්‍රණයේ නායකත්වය දැරූ කර්නල් මාමාදි ඩම්බෝයා පසුගිය සිකුරාදා එරට අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.