අබුඩාබි T 10 ක්රිකට් තරගාවලියට ශ්රී ලංකා ක්රීඩකයින් 8ක්
මෙවර අබුඩාබි T 10 ලීග් ක්රිකට් තරගාවලියට අදාළව ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර ඇත. එහිදී ශ්රී ලංකා ක්රීඩකයින් 6 දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත තෝරා ගෙන තිබේ.
ඒ අනුව මෙවර තරගාවලියට ක්රීඩා කරන සමස්ත ශ්රී ලංකා ක්රීඩකයින් ගණන රදවා ගත් දෙදෙනාද සමගින් 8දෙනෙකු වෙයි.
මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ධනංජය ලක්ෂාන් හා චාමික කරුණාරත්න තෝරා ගනු ලැබුවේ මරාත ඇරබියන්ස් කණ්ඩායම විසිනුයි.
නොදන් වොරියර්ස් කණ්ඩායම විසින් උපුල් තරංග සිය කණ්ඩායමට තෝරා ගත් අතර, යොවුන් වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ, බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසිනුයි තෝරා ගනු ලැබ ඇත.
ශ්රී ලංකා හිටපු තුන් ඉරියව් ක්රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් මීට පෙර කණ්ඩායමේ රදවා ගැනීමට කටයුතු කර තිබුණි.
වනිදු හසරංග රදවා ගැනීමට තීරණය කර තිබුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
මෙවර අබුඩාබි T 10 ලීග් ක්රිකට් තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

