අද (8) දිනට ගුරු - විදුහල්පති වැටුප් අරගලය ආරම්භ කර දින 89ක් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.
පාසල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය පිළිබඳව අද(8) දින ළමුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරු කැඳවලා සාකච්ඡාවක් පවත්වන බවත් ගැටලු සඳහා අවසන් විසඳුමක් ලැබෙන තුරු අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.