ගිනි අවියක් සහිත මගියෙකු නිසා ඇට්ලන්ටා නොසන්සුන්
ඇමෙරිකා එක්සත් ජනපදයේ හර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂක පිරික්සුම් ප්‍රදේශයේදී ගිනි අවියක් සහිත මගියෙකු හමුවීමත් සමග ගුවන් තොටුපළ ආශ්‍රිතව නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
සෙනසුරාදා, කාර්යබහුල ස්තුති දීමේ නිවාඩු සමය තුළ සංචාරකයින් බියට පත්කළ මෙම සිදුවීමෙන් පසු ගුවන් ගමන් නතර කිරීමටද සිදුවිය. කෙසේ වෙතත් නිලධාරීන් සිදුකළ පරීක්ෂණයන්ගෙන් පසුව යළි ගුවන් ගමන් ආරම්භ කළේය.
ප්‍රවාහන ආරක්ෂණ පරිපාලනය (TSA) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "මුල් වාර්තාවලින් පෙන්නුම් කරන්නේ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතයට තර්ජනයක් නොවන තුවාල ලබා ඇති බවයි." යනුවෙනි.
එක්ස් කිරණ මගින් හඳුනාගත් තහනම් භාණ්ඩයක් හේතුවෙන් පරීක්ෂා කිරීමේ සේවකයෙකු ගමන් මල්ලක් සෝදිසි කිරීමකදී මෙම සිද්ධිය සිදුවී ඇත.
දේපොළ ස්පර්ශ නොකරන ලෙස ඔහු මගියාට උපදෙස් දුන් අතර, ඔහු තහනම් භාණ්ඩය සහිත ගමන් මල්ල විවෘත කරන විට, මගියා බෑගයට අතදමා ගිනි අවියක් අල්ලාගෙන ඇත. එහිදී ඔහු ගිනි අවිය ක්‍රියාත්මක කිරීම නිසා මෙම තුවාල සිදුවී ඇති බව TSA ප්‍රකාශයේ සඳහන් වේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

