කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව සියයට 100ක් තෘප්තිමත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
තම පියාට කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබාදීම සඳහා විහාරමහාදේවි උද්‍යානයට රැගෙන ගිය අවස්ථාවේදී යුද හමුදාව විසින් එය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර තිබේ.