තලෛමන්නාරම නාවික හමුදා කදවුරේ නිළධාරීන්ගෙන් මන්නාරම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙත ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක්, විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද මන්නාරම පොලිස් ස්ථානයේ නිළධාරීන් සමඟ ඒකාබද්ධව මන්නාරම පොලිස් වසමේ ශාන්තිපුරම් ගෙවල් 100 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද අධි බලැති පුපුරණ ද්‍රව්‍යක් වන ඉන්දියාවේ නිෂ්පාදිත ග්‍රෑම් 125 ක් බරකින් යුත් ඉමල්ෂන් වර්ගයේ උසස් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 ක කරල් 7,990 ක් සමගින් ශාන්තිපුරම්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කුමන අරමුනකින් මෙරටට හොර රහසේ රැගෙන ආවේද යන්න ආරක්ෂක අංශ මගින් වැඩිදුර විශේෂ පරීක්ෂනයක් පවත්වයි.