රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප වයස හැට පහ දක්වා දීර්ඝ කිරීමෙන් අඑතෙන් රාජ්‍ය සේවයට ඇතුඑවීම සඳහා දක්ෂ උගත් තරුණ පරපුරට අවස්ථාව නොලැබි යාමත් රාජ්‍ය සේවය තුළ නිසි පරිදි උසස්විම් නොලැබීම නිසා රැකියාවේ තෘප්තිය නැතිවීමත් නිසා රාජ්‍ය සේවය තවදුරටත් පිරිහෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය.
එනිසා මෙම තීරණය දුර දක්නා නුවණින් ගත් තීරණයක් නොවන බවත් මෙය පටු අරමුණින් නැති බැරි කමට ගත් තීරණයක් බවත් රජයක් තීරණ ගත යුත්තේ දුර දිග සොයා බලා බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ බහුතරයක් රාජ්‍ය සේවකයින් අවංකවම රටට සේවය කරන පිරිසක් බවත් එමෙන්ම තමන්ගේ රාජකාරියට නිසි ගරුත්වයෙන් වැඩකරන තමන්ගේ විෂය පථය තුළ ක්‍රියාකරන දැනුම තිබෙන නිලධාරීන් බවත්ය. ඒ අයට දේශපාලන නායකත්වය දෙන එක ඇමතිවරුන්ගේ වගකිමක්. තමන්ගේ අමාත්‍යංශයේ රාජ්‍ය සේවකයින් වැඩ කරන්නේ නැතිනම් තමන්ගේ අමාත්‍යංශය යටතේ තිබෙන ආයතනවල ක්‍රියාකාරීත්වය දුර්වල නම් ඒකට වගකියන්න ඔිනෙ දේශපාලන නායකත්වය. දේශපාලනඥයොත් රටට බරක්. ඇතැම් රාජ්‍ය සේවකයොත් රටට බරක්. මේ ප්රශ්නය විසඳා ගැනීමේ පූර්ණ බලය තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට.
ඒ වගේම මේ මොහොතේ රජයට විශ්‍රාම වැටුප් ගෙවීමට සල්ලි නැති නිසා දුර දිග හිතන්නේ නැතිව විශ්‍රාම ගැනීමේ වයස සැලකිය යුතු මට්ටමකින් දීර්ඝ කරලා තිබෙනවා. ලෝකයේ ඇතැම් රටවල විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අපේ රටෙත් සෞඛ්‍ය තත්වය මෙන්ම ආයු අපේක්ෂාව ඉහළ ගිහින් නිසා විශ්රෘම යාමේ වයස දීර්ඝ කිරීමේ ගැටඑවක් නැහැ. නමුත් ප්රශ්නය තිබෙන්නේ කරපු ආකාරය කරපු ක්‍රමය සහ වයස. එයින් අද වෙන්නේ අලුතෙන් රාජ්‍ය සේවය තුළ පුරප්පාඩු නැතිවීම නිසා දක්ෂ උගත් තරුණ පරපුර ඊළඟ වසර කිහිපය තුළ රාජ්‍ය සේවයට ඇතුඑවීම වලකිනවා. අනෙක් අතට රාජ්‍ය සේවය තුළ නිසි පරිදි උසස්විම් නොලැබීම නිසා එකම තනතුරක දීර්ඝ කාලයක් සිටිමට සිදුවීම නිසා උනන්දුවෙන් වැඩකරන දක්ෂකම් තියෙන රටට ආදරේ කරන රාජ්‍ය සේවකයින්ට රැකියාවේ තෘප්තිය නැති වෙනවා. එනිසා මේ කාරණා දෙකම හේතුවෙන් රාජ්‍ය සේවය තවදුරටත් පිරිහිමට පත්වෙනවා. එනිසා මෙම තීරණය දුර දක්නා නුවණින් ගත් තීරණයක් නෙමෙයි. පටු අරමුණින් නැති බැරි කමට ගත් තීරණයක්. රාජ්‍යක් තීරණ ගන්න ඔිනෙ දුර දිග හිතලා.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ නම් විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම නැති කරන්න ඔිනෙ. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම නැති කරන්න ඔිනෙ. සමාජ සේවයට එනවා නම් දේශපාලනයට එනවා නම් තමන්ට ශක්තියක් තිබෙන තමන් යම් වෘත්තියක යෙදිලා ජිවිතයේ පළපුරුද්දක් තිබෙන ඒ වගේ ජීවිතය ගොඩනගා ගත්ත අපි වගේ මිනිස්සු දේශපාලනයට එන්න ඔිනෙ. එතකොට මන්ත්රිකම් ඇමතිකම් තිබුණත් නැතත් කෙළින් හිටගන්න පුඑවන්. රටට සේවය කරන්න පුඑවන්. අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වැටුප සහ වරප්‍රසාද මෙන්ම විශ්‍රාම වැටුප බලාගෙන දේශපාලනයට එන අති බහුතරයක් දේශපාලනඥයින් නිසා තමයි මේ රට පිරිහිලා තිබෙන්නේ. එනිසා ඔය විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම අහිමි කරන්න ඔිනෙ. කිසිසේත්ස දිය යුතු නැහැ
ඉදිරියේදී ගෑස් සහ ඉන්ධන හිඟයක් ඇතිවේදැයි මාධ්‍යවේදීන් නැගු පැනයට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ නිසි වේලාවට ඉන්ධන සහ ගෑස් ඇණවුම් නොකිරිමත් විශ්වාසදායක නොවන පාර්ශ්වයන්ට කොමිස් ලබා ගැනීම වෙනුවෙන් මෙම අවස්ථාවන් ලබා දිමත් හේතුකරගෙන ඉදිරියේදි හිඟයක් ඇති විමට ඉඩ තිබෙන බවය. ප්‍රධාන වශයෙන් ගත්තහම බොරතෙල් හිඟය ඇතිව තිබෙන්නේ කිර්තියක් නැති විශ්වාසයක් නැති නයිජිරියානු සමාගමකට බොරතෙල් සැපයිමේ කොන්ත්‍රාත්තුව ලබාදිම නිසා තමයි මේ අර්බුධය ඇතිව තිබෙන්නේ. අන්තිමට වෙන හේතුවක් කියලා පිරිපහදුව වැහුවා. බලශක්ති ස්වාධිනතාවය පිළිබඳව ඉතාමත් වැදගත් සාධකයක් වෙන පිරිපහදුව වැහුණේ මේ ප්‍රතිපත්තිය නිසා. මේවා පොදුවේ කල්පනා කළාම එකක් ඩොලර් හිඟය අනෙක වැරදි කළමනාකරණය අනෙත් පැත්තෙන් දූෂණය. මේ කාරණා තුනම නිසා මේ රටේ විටින් විට ගෑස් වගේම අනෙකුත් පැට්රෝලියම් ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුඑවන්. එනිසාම මේ වැස්ස අඩුවෙන අවස්ථාවක විදුලිය පිළිබඳ අර්බුධයකුත් මතුවෙන්න පුඑවන්. මෙවැනි අවස්ථාවල ඇමතිවරයාට මග පෙන්වන කැබිනට් අනුකමිටු පත්කරන සම්ප්රදායක් තිබුණා. නමුත් දැන් ඒවා ඔක්කොම නැහැ.
අගුරුවාතොට-මංගල එදිරිසිංහ