මෙවර අයවැය තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු නොකළද දුම්වැටි වර්ගයක් සඳහා බදු සහන ලබාදී තිබෙන බවත්, අනෙකුත් දුම්වැටි මිල සුළු මුදලකින් ඉහළ දමා තිබෙන අතර, මේ හරහා සිදුවන්නේ දුම්වැටි භාවිතය ඉහළ යාම බවත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (adic) ආයතනය සඳහන් කරයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය තුළින් දුම්වැටියක මිල රුපියල් විස්සකින් ඉහළ යන ආකාරයට බදු මුදල් ඉහළ දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද, බදු මුදල් ඉහළ නොදමා සමහර දුම්වැටි වර්ගවල මිල රුපියල් පහකින් ඉහළ දමා තිබෙන බවත්, මේ අනුව රජයට එම මුදලින් රුපියල් 2.50ක මුදලක් හිමි විය හැකි බවත් එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය.
මීට අමතරව මේ වනවිට රුපියල් විස්සකට අලෙවි වන දුම්වැටියක බදු මුදල 49%කින් අඩු කර තිබෙන බවත්, මේ අනුව එම දුම්වැටියක මිල ඉදිරියේදී අඩුවීමට නියමිතව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
දුම්පානය කිරීම නිසා ඇති වන රෝගාබාද නිසා දිනකට පුද්ගලයන් 50ත් 55ත් අතර ප්‍රමාණයක් මිය යන බවට තහවුරු වී තිබෙන බවත්, මේ නිසා සිදුකළ යුතු වන්නේ, දුම්පානයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා එහි මිල ඉහළ දැමිම බවත් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ නිසා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන හෝ සියලුම දුම්වැටි සඳහා සැලකිය යුතු මට්ටමේ බදු මුදලක් යොදවා රජයට ආදායම් ලබා ගනිමින් ජනාතාව දුම්පානයෙන් ගලවා ගත යුතු බවත්, 2019 වසරින් පසු දුම්වැටි සඳහා නිසි ලෙස බදු මුදල් පැන වීමක් සිදුකර නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.