සංචාරකයන්ට වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරිමට යයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙරට පස් අවුරුදු ගෝලිය සන්නිවේදන වැඩසටහනට අනුව එය ක්‍රියාත්මක බවයි.
මෙම පස් අවුරුදු ගෝලීය සන්නිවේදන වැඩසටහන සම්බන්ධීකරණය සදහා විශේෂ ලේකම් කාර්යාලයක් ද පිහිටු වීමට නියමිතයි. ඒ සදහා පත් කළ සියලු ආයතන සම්බන්ධීකරණය, කළමණාකරණය හා අධීක්ෂණය මෙම ලේකම් කාර්යාලයට පැවරේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සදහා පස් අවුරුදු ඒකාබද්ධ ගෝලීය සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව දේශීය වශයෙන් දැන්වීම් ප්රචාරක වැඩසටහන් කළමණාකරණ දැන්වීම් ප්රචාරක වැඩසටහන් කළමණාකරණ ඒකකයක්, නිර්මාණකරණ නියෝජිත ආයතනයක්, පර්යේෂණ නියෝජිත ආයතනයක් පත් කර තිබේ. ඊට අමතරව ශ්‍රි ලංකා සංචාරක ව්‍යාපාරායේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපළ 25 ක් ආවරණය වන පරිදි ජාත්‍යන්තර වශයෙන් පත් කරන ලද මහජන සබදතා සමාගම් (PRCS) 08 ක් හා ගමනාන්ත නියෝජිත සමාගම් (DRC) 08 කින් සමන්විත නියෝජිත ආයතන ව්‍යුහයක් ද ස්ථාපිත කර ඇතැයි ඇමතිවරයා කියයි.
සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව 2025 වසර වන විට සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරිමට අපේක්ෂා කෙරේ. දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂිත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 06 කි. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද මෙම ඉලක්කයේ වෙනසක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම ගෝලිය ප්‍රවර්ධන වැඩසටහන යටතේ එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රෙලියාව, රුසියාව, ගල්ෆ් කළාපීය රටවල්, ඇමෙරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, පෝලන්තය, නෙදර්ලන්තය වැනි රටවල් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කෙරේ. මෙහි දි ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සදහා විවිධ ක්‍රියාකාරකම් සිදු කිරිමට අපේක්ෂිතයි.