තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් සේවා බිඳවැටී තිබේ.
මෙම වෘත්තීය ක්රියාමාර්ගය සඳහා දිවයින පුරා තැපැල් කාර්යාල 653 ක හා උප තැපැල් කාර්යාල 3410 ක 25000 කට අධික සේවකයන් පිරිසක් එකතූ වී ඇති බවත් වර්ජනය හේතුවෙන් සිර වුණු ලිපි හෙට සහ අනිද්දා දෙදින තුළ බෙදාහරින බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කර සිටියි.