ගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ලබා ගැනීමට නොමිලේ නීතීඥ සහය ලබා දීමට සමගි ජන බලවේගය සූදනම් බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව ගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ තොරතුරු 815, ඊ.ඩබ්ලිව් පෙරේරා මාවත, ඇතුල්කෝට්ටේ යන ලිපිනයේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට යොමු කළ හැකි බව කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද(14දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
සමගි ජන බලවේගයේ අපි මේ ගෑස් පිපිරීම් සිදු වුනු සෑම පාර්භෝගිකයෙක් වෙනුවෙන් නොමිලේ නීති සහයෝගය ලබා දීලා මේ ආයතන අධිකරණයට ගෙනගොස් තමුන්නාන්සේලාට සිදුවුනු පාඩුවට වන්දි ලබා ගැනීම සඳහා නොමිලේ නීති සහය ලබා දීමට සමගි ජන බලවේගයේ අපි සූදානම් කියන එක ප්‍රකාශ කරනවා. ඒ නිසා කාරුණිකව අපේ පක්ෂ මූලස්ථානයට මේ මහා ඛේදවාචකයට මුහුණ දෙන්න සිදු වුනු, ගෑස් පිපුරුනු සියලු දෙනාගේ තොතුරු ලබා දෙන්න කටයුතු කරන්න. අපි අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් නීති සහය ලබා දීලා ඔබට සිදු වුනු හානිය වෙනුවෙන් වන්දියක් ලබා දීමේ ඒ නීතිමය සටනට අපේ ශක්තිය එකතු කරන්න අපි සූදානම්. යනුවෙන්ස සඳහන් කළේය.