මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රතිශක්තියක් ලබාදීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස කියුබාව නව යොවුන් වියේ පසුවන ළමයින්ට සහ කුඩා දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන බව නිවේදනය කරයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට ආරම්භ වෙයි. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ යූටුයිබ් නාලිකාවේ වීඩියෝවක් මගින් ඔහුගේ කණ්ඩායම නම් කර තිබිණි. ලසිත් මාලිංග විසින් නම් කර කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් හිමිව නැහැ.
Read Moreජනතාව නිසි ආහාරපාන නොමැතිව පිඩා විදින අවස්ථාවක ඇවිදින මංතිරු සැකසිම කළ යුතුද යන්න පිළිබදව ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වන චන්දිම විරක්කොඩි මහතා ප්‍රශ්න කරයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වෛරස් මර්දනය කිරීමේ උපායමාර්ග ලිහිල් කරමින්, වෛරසය සමග ජීවත් වීමට සූදානම් වුවත්, ඉහළ එන්නත් අනුපාතයක් සහිතව වුවද රජයේ නැවත විවෘත කිරීමේ සැලසුම්වලට මුහුණ දීමට රටේ රෝහල් පද්ධතිය තවම සූදානම් නැති බව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරු අනතුරු ඇඟවූහ.
Read Moreරට තුල සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදකුණු අප්‍රිකානු කොවිඩ්වෛරසය නව ප්‍රභේදය ලංකාවට ඇතුළු විමේ සම්භාවිතාවක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
Read Moreඋද්භිද උද්‍යාන සංරක්‍ෂණ ජාත්‍යන්තරයේ මහ ලේකම් පෝල් ස්මිත් නිවේදනයක් නිකුත් කරමින්, ’’මෙම වාර්තාව මගින් ගස්වලට උපකාර අවශ්‍ය බව ලොව පුරා සිටින සෑම කෙනෙකුම අවදි කරන ඇමතුමක් ලබාදෙනවා.’’ යැයි පැවසීය. තනි වෘක්ෂ විශේෂයක් වඳ වී යාමෙන් තවත් බොහෝ ජීවීන් අහිමි වීමට හේතු විය හැක.
Read Moreඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 215 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 167 දෙනෙකු අයත්.මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreආසාදන සංඛ්‍යාවේ යම් පහළ වැටීමක් දැක ඉන්දුනීසියාව සහ තායිලන්තය කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා වූ සීමා ලිහිල් කිරීමට කටයුතු කළත්, එන්නත් කිරීමේ අනුපාතය තවම පහළ මට්ටමක පවතින හෙයින් නව ආසාදන අවස්ථා ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.
Read Moreරජය භාරයට ගත් සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික වෙළඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreදිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (01) උපදෙස් ලබා දුන්නේය.
Read Moreඑලැඹෙන සීත කාලයේදී වියහැකි කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම වැළැක්වීම සඳහා දැන් සිටම සූදානම් වීමේ පියවරක් ලෙස වැඩිහිටියන් සහ අවදානම් සහිත පුද්ගලයන් සඳහා කොවිඩ්-19 තෙවැනි මාත්‍රාවක් ලබාදෙන රටවල් කිහිපය අතරට ජර්මනියද එක්ව තිබේ.
Read Moreයාපනය කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු පවසති.
Read Moreකොවිඩ් - 19 පාලනය සදහා මේ වන විට රජය හා සෞඛ්‍ය අංශ ගෙනයනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය (International Medical Health Organization (IMHO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද දින (01) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කෙරිණි.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතුයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.
Read Moreසීනි සහ සහල් සඳහා හෙට (02) සිට මිල පාලනයක් හඳුන්වාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreපුළුල් වාමවාදී පෙරමුණක් බිහි කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව සඳහා ශුද්ධාසනයේ නියෝජිත (වතිකානු තානාපති) බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා ඊයේ ( 31) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා.
Read Moreඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (2021.09.02) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.
Read Moreඑළැඹෙන අයවැයේ දී ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව පියවර කිහිපයක් යටතේ ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ඒ සම්බන්ධයෙන් ලබාදිය හැකි සාධාරණම විසදුම බව අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කර සිටියි.
Read Moreත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සැප්තැම්බර් 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට ආරම්භ වෙයි. දෙරට අතර පළමු එක්දින තරඟය හෙට පස්වරු 3.00ට දිවා-රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
Read Moreපාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
Read Moreවත්තල මාබෝල ප‍්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අද සිය භාරයට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර ඊයේ (31) පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය.
Read Moreයාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.
Read Moreබන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නිතිය අස්සේ මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් එකොළොස් දෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.
Read More