බංග්ලාදේශ ණය ගෙවන්න ලංකාවට මාස තුනක සහන කාලයක්
බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 මූල්‍ය පහසුකම පියවීම සඳහා ශ්‍රී ලංකාව තවත් අමතර මාස තුනක සහන කාලයක් ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හෂීනා මහත්මිය එකඟ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
බංග්ලාදේශ මෙම මූල්‍ය පහසුකම පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ලබාදුන්නේ අදියර තුනකිනි. බංග්ලාදේශ බැංකුව විසින් මෙම මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපාමින් සිටින අතර නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා පහළ ගොස් තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය ඒ ආකාරයට පහළ බැස්සත් බංග්ලාදේශයේ විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 46.3ක් දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.
popular news
-
කැලිස්ටා Wednesday, 29 December 2021 07:07 AM
චීනෙන් හා බංගලාදේස් වලින් නයට ගෙන රටේ ඩොලර් සංතෂිය ඉහල දමාගෙන කොතරම් කාලයක් මේ මායාව රැවටීම හොර බූරු කබ්රාල් තක්කඩියා ඩොලරයට ඇබ ගසයිද රට තුල අද ඇති ආහාර අර්බූදය ජනතාවට කිරි ටික පාන් කෑල්ල වත් අද නැති p මිනිසුන් මන්ද පෝෂනයට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

