පොලිස් ස්ථානාධිපතිවරුන් 5ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 06/30 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයිනේ ප්‍රදේශක කිහිපයකින් සොරකම්කරන ලද ගවයින් මස්කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන සැකකරුවන් සිව් දෙනෙකු සහ ඊට අනුබල දුන් බවට සැකකරන කාන්තාවක් සහ පිරිමියෙක් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.
Read Moreකුරුවිට පොලිස් වසමට අයත් දෙවිපහළ ප්‍රදේශයේ පනස් එක් හැවිරිදි විවාහකයෙක් අවරුදු පහක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය 30දා පැවසීය.
Read Moreවිශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද (30දා) පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහ තුල අවසන් කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.
Read Moreළගකදි ආයෙත් ඡන්දයක් නොපැවැත්වෙන බවත්, ඉදිරියේදි තෙල්මිල ශත පනහකින් හෝ අඩුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඊයේ (28දා) රත්නපුරේදී පැවසුවේය.
Read Moreකුඹුරු අක්කර හත්දහසකට පමණ ජලය සැපයෙන මිහින්තලේ මහ කනදරා වැව මැදින් දිවෙන පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ කනදරා වැව අසලින්, එම වැව් බැම්මේ රෑස්ස ගස් සහ වැව් බැම්ම ගිලා බැසීමට ලක්ව, පස් කන්ඩි වැව තුලට කඩා වැටීම ආරම්භ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
Read Moreඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් රැඳවියන් ඇතුළු 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreගල්නෑව , හෙලබදුගම ප්‍රදේශයේදී මීට මාසයකට පෙර ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ බව කියූ , දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව , එම මව ළිඳට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට, ඇගේ බාල පුත්‍රයා ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreතංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreදේශීය සංචාරකයන්ට මෙතෙක් බාධාවක්ව තිබූ චීනවරාය මාබල් බීච් වෙරළ තීරය හරහා ගුවන් හමුදාව විසින් ඉදිකර තිබූ වැට ඉවත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
Read Moreඅලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළතීරයේ සංචාරක පොලිස් බංගලාව ආසන්න ප්‍රදේශයේදී ධීවර කටයුතු සදහා මුහුදු යමින් සිටි එක් දින කුඩාධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනාගෙ සිරුරු අද(29) ඉරිදාඋදෑසන බෙන්තොට වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව බෙන්තොට පොලිසිය පවසයි.
Read Moreඊයේ දින තලාතුඔය රටේමුල්ල ප්‍රදේශයේ තරුණ තරුණයින් පිරිසක් හන්තාන කන්ද නැගීමට ගොස් අතරමංවී සිටියදී රාත්‍රිය පුරා ඔවුන් සොයා කළ මෙහෙයුමට පාර් ලිමේන්තු මන්ත්‍රී ජගත් මණුවර්ණ ද එක්වී සිටියේය.
Read Moreඉන්දියාවේ ඔඩීෂා හී පැවති ආගමික උත්සවයක් අතරතුරු ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට තවත් වසරක කාලයක් යනතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරග නොමැති පසුබිමක තවත් තරග කිහිපයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසීය.
Read Moreතංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට සඳහා ගුවන් හමුදා KA-350 ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබේ.
Read Moreඊශ්‍රායලය සමඟ පැවැති දින 12ක ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා තිබේ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (29) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read Moreපවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් සම්බන්ධයෙන් විගණනයක් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.
Read Moreබත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අදාළව ටෝකන් පත් නිකුත් කිරීම පෙරවරු 6.30 සිට පස්වරු 2.00 දක්වා සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල 2025 ජුනි මස 27 වැනි දින අනතුරට පත් ධීවර යාත්‍රාව සම්බන්ධව තොරතුරු ලද වහාම, නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව, එම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.
Read Moreමේ වසරේ අප්‍රේල් හා මැයි මාසවලදී මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමට උත්සාහ දරන ලද මත්ද්‍රව්‍ය වටලා අත්අඩංගුවට ගැනීම් 4කදී හෙරොයින් කිලෝ 542ක් හා අයිස් කිලෝ 1216ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
Read Moreනිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකදී අද 28 දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 78කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreමැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා (Re-entry visa) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re-entry වීසා හී වලංගු කාලය 2025.07.31 දින දක්වා දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) තීරණය කර ඇත.
Read Moreඑයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නිමා කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස්කරගෙන සිටියි.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට නවක ක්‍රිඩකයන් ලෙස නිශාන් මධුෂ්ක, ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයන් එක්ව තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයේදී හිටපු නායක දසුන් ශානකට අවස්ථාවක් ලැබී නොමැත.
Read More