saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6168 hours ago

LATEST

කොරෝනා ගන්න පරෙවි වැල්ලට ගිහින්

calendar_today 2021 නොවැ 18 - 18:51 remove_red_eye - 1261  

කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් විවිධ මාර්ගෝපදේශ නිකුත් කළත් අද (18දා) දිනයේදී තංගල්ල පරෙවි වැල්ල වෙරළ උද්‍යානයට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්ද්රේස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් පසුගියදා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

යුක්රේනයේ නාවික හමුදාව නංවාලීම සඳහා බ්‍රිතාන්‍ය ගිවිසුමක් ගැන ආන්දෝලනයෙන් පසුව, එලැඹෙන දෙසැම්බර් වන විට ක්‍රිමියාවට නව පැරෂුට් රෙජිමේන්තුවක් යොදවන බව රුසියාව තහවුරු කරයි.

Read More

පිළිමතලාව මහ විද්‍යාලයේ 8 වසර සිසුවකු පාසලේ දී කළ වරදක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම සිසුවා ගේ පියා පාසලට කැඳවන ලෙස එම විදුහලේ විදුහල්පතිවරයා සිදුකළ දැනුම්දීමකට බියට පත් වූ එම සිසුවා කම්බියක් යොදාගනිමින් ගසක එල්ලී සියදිවි නසාගැනීමට තැත්කිරීමේ ශෝකජනක සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.

Read More

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර තිබේ.

Read More

පැපුවා නිව්ගිනියාවේ කොකෝපෝ සිට කිලෝමීටර 189ක් දුරින් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (18) දින මාර්ගගත ක්‍රමවේදය යටතේ සිදුවිය.

Read More

ලබන 22 වැනිදා සිට ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු විය.

Read More

ඔක්තෝම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් - ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්‍රල් - ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිල දී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි.

Read More

යාපනය වැල්වැටිතුරෙයි නගරසභාවේ 2022 වසර සඳහා වූ නව අයවැය එක් ඡන්දයකින් ඊයේ (17) දින පරාජයට පත්වීම හේතුවෙන් නැවත එය දින 14 කින් සංසෝධනය කොට ඉදිරිපත් කිරීමට සිදුව ඇත.

Read More

ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.

Read More

හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

Read More

​එළවළු හා හාල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව චෝදනා කරයි‍ උඩරට මෙන්ම පහතරට ​එළවළු කිලෝවක සිල්ලර ‌මිළ මේ වන විට රුපියල් 400 පමණ වී ඇතැයි ජනතාව පවසති. සෑම හාල් කිලෝවක්ම රුපියල් 110කට ඒහා මිළකට අලෙවිවන බවද ඔවුහු පෙන්වා දෙති.

Read More

රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

Read More

දැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විශාල මාළු තොගයක් අද (18) වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)

Read More

මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගනු ලබන්නේ ඒ අවට වගුරු බිම් පමණයි. ඒ හැර ඒ අවට පදිංචි කිසිම අයෙතුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව මම අනිවාර්යෙන්ම කියනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙක් තමන්ගේ ඉඩම් හෝ තමන් වාසය කරන නිවාස අහිමි වේයැයි බියක් ඇති කර යුතු නැහැ.

Read More

අනුරාධපුරයේ ඉදි කෙරුණු සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

Read More

අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

චීනයේ ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා රැගෙන ගිය ගගනගාමීන් තිදෙනා මේ වනවිට මාසය කාලයක් කක්ෂයේ රැඳී සිට ඇත.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ මිකී ආතර් හා තමන් අතර වැරදි වැටහීම් තිබුණ බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පුහුණුකරු ධුරයට සමුදීමට නියමිත මීකී ආතර් පිළිබ ඳව සටහනක් සිය ට්විටරි ගිණුමෙන් තබමින භානුක මේ බව පවසයි.

Read More

මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඊයේ (16දා) සමගි ජන බල වේගය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවට එක් නොවූ බව සමගි තරුණ බලවේගයේ උප සභාපති මෙන්ම සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන අද (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

එක්සත් රාජධානියේ උද්ධමනය පසුගිය මාසයේදී ගෙවුණු දස වසරක ඉහළම මට්ටමට නැග ඇති අතර, ගෘහස්ථ බලශක්ති මිල ඉහළ යාමත් සමග, එංගලන්ත බැංකුව (BoE) ලබන මාසයේදී පොලී අනුපාතයද ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.