නිවාඩු අවසන් වී යළි හමුදා කදවුර වෙත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටී සිටි සෙබලෙක් අද (22දා) කොට්ටාව පිංහේන හංදියේදී ලොරි රථයකට යට වී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මත්තේගොඩ යුධහමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන උණවටුන මහරබ කොරටුව ගෙදර වත්ත පදිංචිව සිටි එම් අශාන් රන්දික විමලසූරිය (30) යන අයයි
මියගිය අය කොට්ටාව දෙස සිට පිංහේන හන්දිය දෙසට යතුරුපැදියෙන් පැමිණිමෙන් සිටියදී එකවරම යතුරු පැදිය පෙරළී යතුරු පැදියක් සමඟ ඉදිරියට ඇදී ගොස් අනතුරුව මියගිය හමුදා සෙබළා පමණක් කොට්ටාව දෙස සිට පිංහේන හංදිය දෙසට පැමිණෙමින් තිබූ ලොරි රථයේ මැදට වන්නට තිබෙන දෙවැනි රෝදයට යටවීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරක් සමඟම බරපතළ තුවාල ලද යුද හමුදා සෙබලා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් පි එස් ලක්මිණ පොලිස් කොස්තාපල් 84752 ධර්මවර්ධන මහත්වරු පරීක්ෂණ පවත්වයි.