මරේ තේ වතුයායට අයත්, මුල්ගම උඩ කොටසේ මානා පතනක හා ටර්පන්ටයින් වගාවක අද (22දා) පස්වරු 04.00 ට පමණ ඇතිවූ ගිනිතැබීමක් නිසා මේ වන විට අක්කර 04 ක පමණ ප්‍රමාණයක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා හා සුළං තත්වය නිසා මෙම ගින්න සීඝ්රයෙන් පැතිර යමින් පවති.
ඉහළින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතය ආසන්නය දක්වා ගින්න පැතිරී ගොස් තිබේ. කිසියම් පුද්ගලයෙක් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවට පොලීසිය සැක කරයි.මාවුස්සාකැලේ යුද හමුදා අණුඛණ්ඩයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන් සමග එක්ව මෙම ගින්න පැතිරයාම වළක්වමින් නිවා දැමීමට දැඩි උත්සහායක නිරත වෙමින් සිටිති.
මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වියළි කාළගුණික තත්වයත් සමග ඇතැම් පිරිස් ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත හා මානා පතන් වලට ගිනි තැබීමට පටන්ගෙන ඇති නිසා ජල විදුලිබලාගාර ජලාශවලට ජලය සැපයෙන ජල මූලාශ්‍ර සිඳී යෑමේ තර්ජනයකට ලක්ව තිබේ.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

