ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් සිය කාර්යයන් , කාලසටහනකට අනුව පමණක් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට පිවිස සිටින බව එම සංසදය අද (22දා) නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටිිිියේය.
පසුගිය දෙවසරක කාළය තුළ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනයෙන් තම ගුවන් නියමුවන්ගේ ගෙවීම් , නීත්‍යානුකූල නොවන ආකාරයට කප්පාදු කිරීම් වලට එරෙහිව , මෙම ගුවන් නියමුවන් මෙම ක්‍රියාමාර්ගයකට ප්රවිශ්ඨ වී සිටිති .
මෙම ගුවන් නියමුවන් මෙම කප්පාදු කිරීම් පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනය දැනුවත් කළ ද , ඔවුන් ඒ සදහා පිළිගත හැකි සාධාරණ විසදුම් ලබා නොදීම නිසා මෙම තීරණයට මෙම ගුවන් නියමුවන් එළඹී සිටිති .
ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය තුළ ඉල්ලීම් 06 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනය වෙත ඉදිරිපත් කර තිබේ .
ඒ අනුව අලුතෙන් පත් වූ කපිතාන්වරු සදහා එම තනතුරට නියමිත වැටුප පෙර පරිදිම ලබා දීම , උප ගුවන් නියමුවන් සදහා ලැබිය යුතු කනිෂ්ඨ උප නියමුවන්ගේ සිට උප නියමුවන් දක්වා වූ උසස් වීම් සහ එයට අදාළ දීමනා පෙර පරිදිම ලබා දීම , ගුවන් නියමු උපදේශකවරුන් හට කරනු ලබන උපදේශක සේවා වලට හිමි ගෙවීම් පෙර පරිදිම ලබා දීම , ගිවිසුම් පරිදි ගුවන් නියමුවන් සදහා වැටුප් ගෙවීමේ දී ඩොලරය රුපියලට පරිවර්තනය කරන අගය පෙර පරිදිම එම මාසයේ සමාගම විසින් ප්‍රකාශිත අගයට ගෙන ඒම.( පසුගිය වසර දෙක තුළ මෙම අගය රුපියල් 188.78 ක උපරිමයකට යටත්ව රදවා තබා ඇත .) , ගුවන් නියමු කාර්යය කාළසටහනේ සදහන් නිවාඩු දිනයන්හි රාජකාරී කටයුතු කිරීම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් පෙර පරිදිම ලබා දීම සහ රාජකාරී කරන අතරතුර ලැබිය යුතු අනෙකුත් දීමනා පෙර පරිදිම ලබා දීමට කටයුතු කිරීම එම ඉල්ලීම් 06 වේ .
මෙම ක්‍රියාමාර්ග , අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව ගුවන් නියමුවන් තමන්ට මාසිකව ඉටු කිරීමට ලැබෙන වැඩ කොටස , කාලසටහනකට අනුව ඉටු කිරීමක් බව ද එම ගුවන් නියමු සංසදය මෙම නිවේදනය මගින් පෙන්වා දෙනු ලබයි .
තමන්ගේ මෙම ඉල්ලීම් වලට සාධාරණ , පිළිගත හැකි විසදුමක් ලබා දෙන තුරු මෙම ක්‍රියාමාර්ගය තුළ රැදී සිටීමට ද මෙම ගුවන් නියමුවන්ගේ සංසදය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ .