ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දීය තරගාවලියට ඇතුළත් නොකිරීමට හේතුව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තමන්ට දන්වා ඇති බවත් එම පෞද්ගලික කරුණු පාර්ලිමේන්තුව තුළ කථා නොකරමු යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමෙන්තුවේදී පැවැසීය.
භානුක රාජපක්ෂ ඉන්දීය තරගාවලියට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
" රාජපක්ෂ කෙනෙක් ගැන කථා කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. ක්‍රිකට් තේරීම් කමිටුවක් තිබෙනවා, ක්‍රිකට් කමිටුවක් තිබෙනවා. පුහුණු උපදේශක ලෙස මහේල ජයවර්ධන මහතා පත්කර තිබෙනවා. අපි ක්‍රිකට් තේරීම්වලට අතගහන්නේ නෑ. භානුක දක්ෂයෙක් ඔහුට හොඳ අනාගතයක් තිබෙනවා.
භානුක රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්. ඔහු තෝරා නොගැනීමට හේතු දන්වා තිබෙනවා. ඒ හේතු ප්‍රකාශ නොකර ඉමු. මේ භානුකගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙමෙයි. ඔහු දක්ෂයෙක් හැකියාවක් තිබෙනවා. භානුක හොඳ COME BACK එකක් දේවි"
