saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6138 hours ago

LATEST

​එළවළු හා හාල් මිල ඉහළට

calendar_today 2021 නොවැ 18 - 12:21 remove_red_eye - 645  

​එළවළු හා හාල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව චෝදනා කරයි‍ උඩරට මෙන්ම පහතරට ​එළවළු කිලෝවක සිල්ලර ‌මිළ මේ වන විට රුපියල් 400 පමණ වී ඇතැයි ජනතාව පවසති. සෑම හාල් කිලෝවක්ම රුපියල් 110කට ඒහා මිළකට අලෙවිවන බවද ඔවුහු පෙන්වා දෙති.

රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

Read More

දැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විශාල මාළු තොගයක් අද (18) වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)

Read More

මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගනු ලබන්නේ ඒ අවට වගුරු බිම් පමණයි. ඒ හැර ඒ අවට පදිංචි කිසිම අයෙතුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව මම අනිවාර්යෙන්ම කියනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙක් තමන්ගේ ඉඩම් හෝ තමන් වාසය කරන නිවාස අහිමි වේයැයි බියක් ඇති කර යුතු නැහැ.

Read More

අනුරාධපුරයේ ඉදි කෙරුණු සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

Read More

අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

චීනයේ ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා රැගෙන ගිය ගගනගාමීන් තිදෙනා මේ වනවිට මාසය කාලයක් කක්ෂයේ රැඳී සිට ඇත.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ මිකී ආතර් හා තමන් අතර වැරදි වැටහීම් තිබුණ බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පුහුණුකරු ධුරයට සමුදීමට නියමිත මීකී ආතර් පිළිබ ඳව සටහනක් සිය ට්විටරි ගිණුමෙන් තබමින භානුක මේ බව පවසයි.

Read More

මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඊයේ (16දා) සමගි ජන බල වේගය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවට එක් නොවූ බව සමගි තරුණ බලවේගයේ උප සභාපති මෙන්ම සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන අද (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

එක්සත් රාජධානියේ උද්ධමනය පසුගිය මාසයේදී ගෙවුණු දස වසරක ඉහළම මට්ටමට නැග ඇති අතර, ගෘහස්ථ බලශක්ති මිල ඉහළ යාමත් සමග, එංගලන්ත බැංකුව (BoE) ලබන මාසයේදී පොලී අනුපාතයද ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

Read More

මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 225කට සතොස හරහා මිලට ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ විරෝධතාව හේතුවෙන් රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැක්කේ දින 10ත් 15ත් ප්‍රමාණයකින් පසුව බවයි.

Read More

ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කටයුතු කරනුයේ ජනවරම අනුව ආණ්ඩුව නිසි මග රැගෙන යාමට කටයුතු කිරීමට මිස ආණ්ඩුවේ අපාය සහය මිත්‍රයන් නිසා නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පත් කර තිබේ.

Read More

රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් වලින් 80% ක් ඉදිරි පස් වසර තුළ මෙරට නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

2018 සහ 2019 වර්ෂවල පැවැත්වූ යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ක් වුවද,එය ද ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී අනාවරණය විය.

Read More

වර්තමානයේ රට තුල තිබෙන සියලු ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව හේතුව බවට සඳහන් කිරීමට අයවැය විවාදයේදී ඇතැම් පිරිස් උත්සහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු ඉහළම සිවිල් සම්මානයක් වන “පද්ම ශ්‍රී සම්මානය“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතා විසින් අරලියහහ මන්දිරයේ දී අද (17) දින ප්‍රදානය කරන ලදි.

Read More

2023 වර්ෂයේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බවත් එම කටයුතු නියාමනය සහ ගුණාත්මක සංවර්ධනය උදෙසා ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, කලාප මට්ටමින් සහ පාසල් මට්ටමින් නියාමන කමිටු (Steering Committees) පත් කිරීමට සැලසුම් සකස් කෙරෙන බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බැව් පැවසූයේ අද (17දා) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති රැස්වීමක් අතරතුර ය.

Read More

අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් පවසා සිටියි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.

Read More

’’මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්‍ය සේවකයෝ 80%ක් මේ රට කෑවා” යනුවෙන් මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.