යාපනය කෝවිලන් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක සිටි ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නාවික යාත්‍රාවක සෝදිසි නිරීක්ෂණයක නිරත වෙමින් සිටියදී කන්කසන්තුරෙයි උතුර සහ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකේ සිටි ධීවරයින් සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් පිරිස පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව යාපනය ධීවර පරික්ෂක කාර්යාලය මගින් ඉදිරී නිතිමය කටයුතු කිරීමට එම කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසන් පියවර ගනු ලැබීය.
මේ අතර මේ මස ගෙවුනු දිනයන්හි පමණක් උතුරු මුහුදු තීරයට ඇතුලු වී මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු සහ ඉන්දීය ධීවර යාත්‍රා 08 ක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.




