saravita-anim2

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6284 hours ago

LATEST

අරුම පුදුම මඤ්ඤොක්කා

calendar_today 2022 පෙබ 19 - 08:09 remove_red_eye - 1602  

ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ තරුණයකුගේ මඤ්ඤොක්කා වගාවේ සාර්ථක අස්වනු ලැබී තිබේ. මෙම එක මඤ්ඤොක්කා ගසක එක අලයක් පමණක් කිලෝ ගණනාවකි .මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහිළ එහි බර කිලෝ පහළොවත් විස්සත් අතර විශාල අල බව තරුණ ගොවි මහතා සඳහන් කර සිටී.

ලෝකය කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි වසරට පිවිසෙන අවස්ථාවේදී ආර්ථික ප්‍රකෘතිය දිගටම පැවතුණද එහි වේගය මධ්‍යස්ථ වී ඇති බැවින්, එසේ ආර්ථිකයේ බාධා තත්ත්වය තුළ සැරිසැරීමට වඩා ප්‍රතිපත්තිමය කඩිසර බවක් සහ ගෝලීය සහයෝගීතාවයක් G20 රටවලින් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අවධාරණය කරයි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබේ. මේ වනවිට එක්වරක් පමණක් භාවිතා කරන පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ගණනාවක් පරිසර අමාත්‍යාංශය විසින් තහනම් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන් වැඩිම පාරිසරික හානියක් සිදු කරන ලන්ච්ෂීට්, සැෂේ පැකට්, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, සුළං පුරවන ලද සෙල්ලම් භාණ්ඩ හා ඒ අතර වෙති.

Read More

මේ අනුව පසුගිය 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත වූ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහා මෙලෙස කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය.

Read More

ප්‍රධාන රුසියානු යෝජනාවලින් වෙන් නොවී, සියලු කරුණු පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි යන කොන්දේසිය මත ඔවුන් සාකච්ඡා මාර්ගය දිගේ ගමන් කිරීමට සූදානම් බව රුසියානු නායක ව්ලැදිමීර් පූටින් අවධාරණය කළේය.

Read More

චමුදිත සමරවික්‍රම මහතාගේ යූටියුබ් නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ සමන් ප්‍රසන්න නැමැති පුද්ගලයෙකු පිළියන්දළ පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබුණ බවද ඔහු පැවැසීය. ඔහු පෙරවරු 10 සිට පස්වරු 2 පමණ වන තෙක් විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදීී තබුණ බවත් විමර්ශන කටයුතු තවදුරටත් සදුකරමින් පවතින බවත් ඔහු පැවැසීය.

Read More

’’මේ තීරණයට හේතු වන්නේ වසංගතය වසර දෙකකට පෙර ආරම්භ වූ දා සිට හොංකොං එහි දරුණුතම තත්ත්වයට මුහුණ දෙමින් සිටීමයි. එය තීරණාත්මක තත්ත්වයක්’’ හොංකොං ප්‍රධාන විධායක ලැම් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සාර්ථක එන්නත්කරණය තුළින් යහපත් මට්ටමක කොවිඩ් පාලනයක් රටට උදාකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් (Michael Appleton) මහතා හමුවේ පැවසීය.

Read More

බ්‍රසීලයට බලපෑ මෙම ස්වභාවික විපත හා ජීවිත හානි සම්බන්ධයෙන් චීන ජනධිපති ෂී ජින්පිං, බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ වෙත සිය ශෝකය පළ කරමින් පණිවුඩයක් යවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මණ 23ක් වාර්තා වී තිිබේ. මෙම මරණ ඊයේ (17දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ජාතික හදිසි අවස්ථාව මාර්තු මස 01 වැනිදායින් ඔබ්බට දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

Read More

තමන්ට කෝවිඩි වෛරය ආසාදනය විි ඇති බවට තහවුරු වි ඇතැයි ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති අකිල සාලිය එල්ලාව මහතා පවසයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති සිවුවැනිි විස්සයි20 තරගයද ජය ගැනමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස අභිනවයෙන් පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung ) මහත්මිය අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම සදහා අද (18දා) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියාය.

Read More

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ජී. විජේසිරි මහතාත්, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඩී. පාඩිකෝරාල මහතාත් පත් කර තිබේ.

Read More

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 370 දෙනෙකු ඊයේ (17දා) පස්වරුවේ හන්තාන කන්ද තරණය කිරීමෙන් අනතුරුව සවස් කාලයේ එහි පැවති අධික මීදුමක් අඩු ආලෝකයක් හේතුවෙන් පැමිණි මාර්ග සොයා ගැනීමට නොහැකිව සිටියදී පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අද (18දා) නැවත පහලට රැගෙන ඒමට සමත් ව තිබේ .

Read More

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වු MV -X Press Pearl නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම මුහුදු පතුලට හෝ පරිසරයට කිසිදු හානියක් නොවන පරිදි සිදු කළ යුතුව ඇති බැවින් එය සිදු කරනු ලබන ආකාරය පිළිබදව නැව ගිනි ගෙන මුහුදුබත්ව ඇති ස්ථානයටම ගොස් නිරීක්ෂණය කිරීමට අද(18දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා මහත්වරුන් පියවර ගත්හ.

Read More

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය(SLIP) විසින් පවත්වනු ලබන ’’LANKAPAK 2022’’ ප්‍රදර්ශනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය(SLAP)විසින් පවත්වනු ලබන ’’Sri Lanka Print 2022’’ ප්‍රදර්ශනය යන දෙකෙහිම සමාරම්භක උළෙල කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18දා) කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි කැස්බෑව මහේස්ත්‍රාත් රුවන්දිකා වීරසිංහ මහත්මිය අද ( 18දා) පොලිසියට නියෝග කළාය .

Read More

මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලයේ වාර්ෂික තේරු උත්සවය ඊයේ (17දා) පැවැත්විණි.

Read More

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වතු සමාගම්කරුවන් විසින් සම්පුර්ණයෙන්ම පාගලා, මිරිකලා බල්ලට දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවැසීය. නුවරඑළිය, නානුඔය, එඩින්බරෝ වතුයායේ අද (18දා) පැවැති වතු කම්කරු ජනහමුවකදී ඒ මහතා එසේ කීය.

Read More

රඹුක්කන, දැලිවල කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කර ගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්‍ෂ 25ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස්පති විසින් තීරණය කර ඇත.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23ක් සඳහා සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුවීම් කටයුතු අද (18දා) ආරම්භ කෙරිණි.

Read More

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය අනුබදද්ධිත වේරහැර හමුදා රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් පනස්හය දෙනකුට එකවර ප්‍රතිකාර සැපයීමට හැකි වන පරිදි පහසුකම් සහිත වාට්ටු දෙකක් විශ්ව විද්‍යාල උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් විවෘත කරනු ලැබීය.

Read More

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ පැමිණ තිබේ. රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීම වෙනුවෙන් ජනපතිවරයා සිදුකරන නිරීීක්ෂණ චාරිකාවල තවත් එක් ආයතනයක් ලෙස මෙසේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පැමිණ තිබේ.

Read More

ඉන්ධන මිල වැඩීකීරීමට අවසර ඉල්ලමින් බලශක්ත අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිත ඉල්ලිමක් කර තිබේ.

Read More

මෙට්ට නිශ්පාදය කරන කර්මාන්ත ශාලාවක යන්ත්‍රසූත්‍ර ඇතුළු උපකරණ තොගයක් සොරකම් කල එම ආයතනයේම ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ඊයේ (17දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

හැටන් කොටගල සිට හැටන් දික්ඔය මුලික රෝහල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය අසල පිහිටි කාණු පද්ධතියකට පෙරළී අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

පාස්කු ඉරිදා දීනයේදීී ඒල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ‌ගොනුකර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය. ඒ එම නඩුව අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදීය.ඒසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද එම ‌චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

Read More

(UPDATE) පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ‌ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන් නීදහස් කිරමට ‌විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.