saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6035 hours ago

LATEST

දමිළ කථා කරන පක්ෂවල නායකයෝ හමුවක

calendar_today 2021 දෙසැ 12 - 19:00 remove_red_eye - 665  

දමිළ භාෂාව කථා කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් කොළඹදී පවත්වා තිබේ. පොදු ස්ථාවරත්වයක් විමසා බැලීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.

LPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.

Read More

4 වැනි මට්ටම යන්නෙන් අදහස් වන්නේ කොවිඩ්-19 වසංගතය ’’සාමාන්‍ය සංසරණයේ පවතී’’ සහ ’’සම්ප්‍රේෂණය ඉහළ හෝ ඝාතීය ලෙස ඉහළ යන’’ බවයි.

Read More

කෝවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගත් පසු දින 03ක් පමණ ගත වන තෙක් කෝවිඩ් රෝග ලක්‍ෂණවලට සමාන සුළු රෝග ලක්‍ෂණ මතු විය හැකි බවත්, ඒ අනුව ඒ පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙස කෝවිඩ්-19 නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

LPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩායම පන්දුවාර 12.2 කඩුලු 2ක් දැවී ලකුණු 94 රැස් කිරීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකාවේ උත්තරිතර ආයතනය ලංකාවේ ලොකුම මොන්ටිසෝරිය බවට පත් වී ඇති බව ජාතික උරුමයන් ප්‍රාසාංග කලා හාග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කීය.

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරකින් බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මියගිය බව පල්ලේකැලේ පොලිසිය කියයි .

Read More

රටේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබේ.

Read More

LPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ජයවර්ධන ජයවර්ධනපුර කෝට්ටේ මහදුවේ තෙත් බිමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරැ ඩඩ්ලි සිරිසේන මහතාට පසුගිය රජයන් විසින් පවරා දීම හා වර්ථමාන රජය විසින් මිශ්‍ර සංවර්ධනයට යයි කියා නගරසභා ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරෝධය පාමින් සංවිධානය කල විරෝධතාවක් අද 10 කෝට්ටේ මහ නගරසභා පරිශ්‍රයේ පැවැත්විණි.

Read More

මහත් ආන්දෝලනයකට තුඩුදී තිබූ ඌව හිටපු ප්‍රධාන ඇමති ( වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී) චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය දණගැස්වීමයැයි පැවසුන නඩුව ,බදුල්ල සමථමණ්ඩලයේදී (11) දා දෙපාර්ශවය විසින් සමථයට පත්වීමෙන් අවසන්විය.

Read More

විනෝද කටයුතු, ආගමික කටයුතු, නීති රීති දාලා වළක්වන්න බැරි බවත්, ජනතාව ඒවා පිළිපදින්නේ නැති බව පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි දැක ගත හැකි වූ බවත් එන්නත් කරන වැඩ පිළිවෙලේ තෙවන මාත්‍රාව බූස්ටර් එන්නත ලබා නොගතහොත් එළඹෙන දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් බලාපොරොත්තු වන්න පුළුවන් යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි. ’’ ආසියාවේ රැජින’’ (queen of Asia) ලෙස එය නම් කර ඇත

Read More

අපි පුරුදු වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 225 ටම කියන්න උඹලට හරියට කරන්න බැරිනම් පලයව් ගෙදර කියලා. ඒ වගේම ‘ගිණි තියන’ මාධ්‍යවලටත් අපි කියන්න ඕනෑ ‘ගිණි නිවන’ මාධ්‍යයක් වෙන්න බැරිනම් පලයව් ගෙදර කියලා.”

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඩුවම් දිය යුතු බව තමන් අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ඇතැම් උසස් තනතුරු සඳහා රජය විසින් පත් කරනු ලබන පුද්ගලයන් පිළිබඳව බරපතළ විවේචන තිබෙන බවත් ඒ ආකාරයෙන් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධයෙන්ද බරපතළ විවේචන එල්ල වෙමින් තිබෙන බවත් රජයේ ඇමතිවරුන් හිර ගෙවල් වලට පැන සැකකරුවන්ගේ ඔළුවට පිස්තෝල තබා මරණීය තර්ජන එල්ල කරමින් මානව හිමිකම් උල්ලංගනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .

Read More

එළඹෙන උත්සව සමයේ එළවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසීරුවෙන් සැමරීමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අගවයි.

Read More

පාකිස්තාන තරග සංචාරයක් සදහා එරටට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

Read More

කෝවිඩ් සමයතුළ දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලද ඔරෙක්ස් ගවපැටියා , සිලූබූරු පැටියා , හිපෝ පැටියා , බූරු පැටියා යන පැටවුන් සඳහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමටද සැලසුම් සකස් කරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය.

Read More

උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ වර්ග 50 ක් සතොස අලෙවිසැල් හරහා වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.

Read More

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ගිමන්හල්/හෝටල් වෙත නත්තල් දිනයේදී මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය කියයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ඉඩම් දෙකක් විදේශීය ආයෝජක සමාගම් වෙත බද්දට දීමීට අදාළ ගිවිසුම් සකස් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. මෙම ඉඩම් දෙක බද්දට දීම හරහා රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබේ.

Read More

අද දිනයේදීද විදුලිය කැපීමක් සිදුවීමට ඉඩ ඇති බව විදුලි බල අමාත්‍යාංශය කියයි. ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රි 9.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට මිනිත්තු 20කට ආසන්න ප්‍රමණයක් විදුලිය සැපයීමට අත්හිටුවීමට සිදුවිය හැකිබව එම අමාත්‍යාංශය කියයි.

Read More

’’ප්‍රජාතන්ත්‍රවාදය වෙනත් රටවල කටයුතුවලට ඇඟිලි ගැසීමට එක්සත් ජනපදය විසින් භාවිත කරන ’සමූල ඝාතක අවියක්’ බවට පත්ව තිබෙනවා’’ චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

LPL තරගාවලියේ එකලොස්ව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 1ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

Read More

සීල් කඩා නොමැති ගෑස් පමණක් නොව සීල් කඩා ඇත්තේ බාල ගෑස් නම් ඒවත් එකතු කළ යුතු බවත් විපතට පත්වූ සෑම කෙනෙකුටම සමාගම් වගකිවයුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

’’චීනයට බුදුදහම හඳුන්වාදීම සහ රට තුළ ඒ දර්ශනය ප්‍රචලිතව පැවතීම පිළිබඳ අධ්‍යයනයට බුද්ධ ප්‍රතිමාවල සොයාගැනීම් ඉතා වැදගත් වෙනවා’’ ෂාන්සි පුරාවිද්‍යා ඇකඩමියේ පර්යේෂක ලී මිං පැවසීය.

Read More

LPL තරගාවලියේ එකලොස්ව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 138 රැස් කිරීමට සමත් විය.

Read More

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අලුත්වැඩියාවක් හේතුවෙන් නැවතත් විදුලිය සීමා කිරීමක් සිදු කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.

Read More

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 89%​​කට වැඩි පිරිසක් ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 81%කට වැඩි පිරිසකට මාත්‍රා දෙකම ලබාගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.