saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5942 hours ago

LATEST

තවත් කොවිඩ් ප්‍රතිකාරයන් 2කට WHO අනුමැතිය දෙයි

calendar_today 2022 ජන 13 - 17:00 remove_red_eye - 599  

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොවිඩ්-19 ප්‍රතිකාර දෙකක් අනුමත කරන ලද අතර, දරුණු රෝගාබාධ සහ වෛරසයෙන් සිදුවන මරණය වළක්වා ගැනීම සඳහා එන්නත් සමග සෙසු ඖෂධවල අවි ගබඩාව මෙසේ වැඩිදියුණු කර ඇත.

නුවරඑළිය, හෝටන්තැන්න මාර්ගයේ පට්ටිපොල ප‍්‍රදේශයේ රක්ෂිතයක් තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ මීගමුව, අක්කර පනහ ප‍්‍රදේශයේ පදිංචි උදිත සඳරුවන් නැමති 42 හැවිරිදි එක්දරු පියෙකි.

Read More

කෙසේ වෙතත්, උතුරු සහ බටහිර අප්‍රිකාවේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, උතුරු අප්‍රිකාව පසුගිය සතියේ පෙර සතියට සාපේක්ෂව ආසාදනවල 121%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මතුව ඇති අර්බුදය හමුවේ මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටී ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කළ තෙෂාර ජයසිංහ මහතා පැය කිහිපයකට පසුව යළිත් එම තනතුරේ පිහිටුවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

ඉන්දීය රිසර්ව් බැංකුව විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක් ලබාදී තිබේ. මේ අතරින් ඩොලර් මිලියන 400ක් ස්වැෆ් පහසුකමක් වන අතර ඉතිරි ඩොලර් මිලියන 500 ACU (Asian clearing union settlement ) වෙනුවෙන් වෙයි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත්කර තිබේ. ඒ එහි සභාපති ලෙස කටයුතු කළ තේෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරමිනි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

Read More

අපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු ’රේටින් ආයතනයක්’ ’රේටින්ස්වලින්’ දැන් තිබෙන තත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරාවි, කියලා බලාපොරොත්තු වීමට බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ.

Read More

අන්තවාදය මෙරටින් තුරන්කරන වැඩපිළිවෙල සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නල්ලූර් ප්‍රතිඥාවක් දෙමින් යාපනයේදී ඊයේ (12) සවස පවසා සිටියේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ගත් තීරණය යළි ඉවත් කර ගැනීමට භානුක රාජපක්ෂ තීරණය කර තිබේ.

Read More

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ මහනුවර දුම්රිය පොලට ළඟා වීමෙන් අනතුරුව,වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බදුල්ල දක්වා ගමන් නොකරන බවට දැනුම් දීමත් සමග දුම්රිය මගින් දැඩි නොසන්සුන්තාවයට පත්වේ.

Read More

(LONG READS) පීනස කියන්නේ ශ්වසන ආබාධයක් ලෙස බොහෝ දෙනා හඳුන්වන රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් පීනස කියන්නේ කෙනෙකුට නිදන්ගතව මතුවෙන රෝග තත්ත්වයක් මෙන්ම පරම්පරාවෙන් ඇතිවන්නට පුළුවන් රෝග තත්ත්වයක්. ආයුර්වේද වෛද්‍ය මතය අනුව පීනස් රෝග දහඅටක්ම පවතින බව සඳහන්.

Read More

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ අංක 6079 දරණ ’’මීනගයා’’ දුම්රිය, දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12දා) රාත්‍රි කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කිරීමත් සමග ප්‍රකෝප වූ මගීහු පිරිසක් එම දුම්රියට අලාභ හානි සිදු කර ඇතැයි කැකිරාව පොලීසිය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටින්නේ තමන් යටතේ දේශපාලනය කළ අය බවත් දැන් තමන් තෙවැනි පෙළක් නිර්මාණය කරගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

රටේ භූ ගර්භයේ ඇති වටිනා ඛනිජ සම්පත් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නවීන තාක්ෂණය යොදා ගැනීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් අදාළ සියලුම රාජකාරි වලින් ඉවත් වී අද (13දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර ඇති බව. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය

Read More

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කරන ලස පැය 24ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

Read More

පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (12) සවස අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය සඳහන් කරයි.

Read More

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය පහත දැමීම අසාධාරණ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

’’එන්නත් ලබා ඇති, සම්පූර්ණ මාත්‍රා ලබා ඇති සහ බූස්ටර් මාත්‍රාව ලබා ඇති අයගෙන් බොහෝ දෙනෙකුට පවා මේ තත්ත්වය තුළ වෛරසය ආසාදනය වේවි. නමුත් රෝහල්ගත වීම් සහ අසාධ්‍ය තත්ත්වයන්ගෙන් ඔවුන්ට ආරක්ෂාවක් සැලසේවි.’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

Read More

නාවින්න, මහරගම ප්‍ර දේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව කියූ දැරිය හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය CCC+ සිට CCC දක්වා පහත දමා තිබේ.

Read More

ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිතිය අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් නිවේදන පලකිරීමට කටයුතු කර ඇත.

Read More

මෙම සැලැස්ම සමග ඩිජිටල් ආර්ථිකයේ අගය එකතු කිරීම 2025 වනවිට චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් වනු ඇති අතර, එය මීට පෙර වර්ෂ 2020 දී පැවති 7.8%ක අගයේ සිට තවදුරටත් ඉහළ යෑමකි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(12) දින සිට ඉදිරි දින සඳහා කලින් ආසන වෙන්කිරීමේ කාර්යයන් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් සිදු නොකරන බවත් දෛනිකව එදිනෙදා ධාවනය වන දුම්රියයන් සඳහා පමණක් ආසන වෙන් කිරීමේකටයුතු සිදු කිරීමට සංගමය තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

Read More

චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් වැඩසටහන හා සම්බන්ධ වීමට සිරියාවද ක්‍රියාකර ඇති අතර, එය චීනය සහ අනෙකුත් රටවල් සමග සිරියානු සහයෝගීතාවයේ පුළුල් දොරටු විවෘත කිරීමකට උපකාරී වනු ඇති බව කියයි.

Read More

2021 වසරේදී වැලිකඩ රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම නියම කිරීමටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.