එක රටක් එක නීතියක් හදන එක ලේසියි
වර්තමානයේ ආගම්, පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු ජනතාව එකට එක්වී සිටින බව සඳහන් කරන බැවින් එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම පහසු බව එක රටක් එක නීතියක් සඳහා වන ජානාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසීහ.
‘අද’ පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“රටේ පවතින අර්බුද නිසා අපේ වැඩ වලට කිසිම බාධාවක් වෙලා නෑ. දැන් අපිට හරිම ලේසියි එක රටක් එක නීතියක් හදන්න. මොකද දැන් සියලු දෙනාම එකයි කියලා කියනවානේ.
දැන් සියලු දෙනාම එකයි නම් රටට එක නීතියක් හදා ගන්න එක ලේසියිනේ. වෙනස්කම් කරන්න ගිහින්නේ ප්‍රශ්න ඇති වුණේ. ඒ නිසා සියලු දෙනාම එකයි නම් එක නීතියක් හදා ගන්න එක පහසුයිනේ.
දැන් අපි මේ කාර්ය සාධක බලකායට අදාල යෝජනා පත්‍රය සකස් කරමින් යනවා. ඒ සඳහා අපිට කාලයක් අවශ්‍යයි. හිතුවට වඩා ඒක ටිකක් පුලුල්. ඉතින් අපිට ඔය කවුරුත් දඟලන ඒවා වැඩක් නෑ.
අපි අපේ වැඩේ කරගෙන යනවා. මේ වැඩපිළිවේදී අපි මේ වන විට දිස්ත්‍රික්ක ගණනාවක් ආවරණය කරලා ඉවරයි. අපිට තව දිස්ත්‍රික්ක තුනක් හතරක් විතරයි යන්න තියෙන්නේ. අපි මේක කාගෙවත් අරමුදල් අරගෙන කරන්නේ නෑ.
අපිම කීයක් හරි හොයාගෙන තමයි අපි මේක කරන්නේ. පඩි නඩි ගන්නෙත් නෑ කිසිම සාමාජිකයෙක්. අවම තරමින් තෙල් ටිකක්වත් ගන්නේ නෑ අපි.”යනුවෙන් සඳහන් කළහ.
popular news
-
Deepal Nirosh Monday, 11 April 2022 03:53 AM
ඔය එක රටක් එක නීතියක් තමයි හාමුදුරුවනේ මේ අරගලවලට මූලික හේතුව. හදන්න යනකොට මෙහෙමනම් හැදුවහම කොහොම හිටී ද? මේ දූපත ගැන විතරක් නො සිතා ලෝකයා දෙසටම ප්‍රඥා දෑස් යොමුකර අවබෝධාත්මක තීරණයකට එළඹුණා නම් නේද හොඳ? තෙරුවන් සරණයි! දීඝායු වේවා!!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

