විශ්වාසංභංගයට හා දෝෂාභියෝගයට 113ක් ගන්න පුළුවන්
ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබව විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිතිවරයාට ගෙනු එනු ලබව දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 113ට වැඩි ප්රමාණයකගේ අත්සන් ලබා ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ අනුව විශ්වාස භංග යෝජනාවට සහ දෝෂාභියෝගයට අත්සන් ලබා ගැනීම ඉදිරියටත් සිදු කරන බව අද පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් පසුගිය 08 වැනිදා විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම ආරම්භ කළේය.
මේ අතර විශ්වාස භංග යෝජනාවට සහ දෝෂාභියෝගයට සහය ලබා දීමට දෙමළ ජාතික සන්ධානයට සිදු වන බවත්, ඒ පිළිබඳ නිළ වශයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
කොළඹදී අද (10දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළ අතර, එහිදී වැඩිදුරටත් ඔහු මෙලෙස සඳහන් පළ කළේය.
popular news
-
janahitha Monday, 11 April 2022 03:52 AM
nokerena deval ne mahaththaya 113 nathiva parajaya unama dinanne anduva anduva shakthimath karanna sajithge kontharath valata udagedi denna epa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

