සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 05ක් ඇතුළත් අවුරුදු සහන මල්ලක් රුපියල් 1,950කට ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙම සහන මල්ලට නාඩු සහල් කිලෝ 05ක්, සම්බා සහල් කිලෝ 05ක්, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝ 01ක් හා තේ කොළ ග්‍රෑම් 100ක් අන්තර්ගත වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, වෙළෙඳපොළෙහි පවතින මිලගණන් හා සැසඳීමේදී මෙම භාණ්ඩ වර්ග 05ක් මිලට ගැනීම සඳහා වැය කළ යුතු මුදලට වඩා රුපියල් 700කට වැඩි වාසියක් අවුරුදු සහන මල්ල මිලදී ගැනීම තුළින් පාරිභෝගිකයාට හිමිවන බවයි.