ප්‍රංශය නව ජනපතිවරයෙක් සොයා මැතිවරණයට යයි
ඉදිරි වසර පහ සඳහා සිය නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 48.8ක් ඉරිදා ප්‍රංශය පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළහ.
එහිදී, ඔවුන්ට වත්මන් ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඇතුළු අපේක්ෂකයන් 12දෙනෙකු අතර තෝරාගත හැකිය.
මෙවර මැතිවරණයේ ප්රමුඛ ආපේක්ෂකයන් අතර, වත්මන් ජනපති එමානුවෙල් මැක්රෝන්ද සිටියි. 44 හැවිරිදි ඔහු වෘත්තීය බැංකුකරුවෙකු සහ සමාජවාදී ජනාධිපති ෆ්රැන්කොයිස් හොලන්ඩ් යටතේ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අයෙකි. පසුගිය ජනපතිවරණයේ දෙවැනි වටයේදී 66.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු ලී පෙන් පරාජය කළේය.
53 හැවිරිදි මැරීන් ලී පෙන් සිය කුප්‍රකට අන්ත දක්ෂිණාංශික පියා වන ජීන්-මරීගෙන් 2011 දී ජාතික පෙරමුණේ නායකත්වය භාරගත් අතර, ඇය පසුගිය මැතිවරණයේදී මැක්රෝන්ට දෙවැනි වටයකට යෑමට කටයුතු කළාය. කෙසේ වෙතත් මෙවර ඇය කෙරෙහිද වැඩි බලාපොරොත්තුවක් පවතින බව ප්‍රංශ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

