saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5748 hours ago

LATEST

සීතල යුද මානසිකත්වය අත්හරින්න - චීනය කියයි

calendar_today 2022 පෙබ 24 - 23:30 remove_red_eye - 1696  

රුසියාවේ නීත්‍යානුකූල ආරක්‍ෂාව පිළිබඳව චීනය අවබෝධ කරගෙන සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට පවසයි.

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත පළමු විිස්සය20 තරගයෙන් ඉන්දිය කණ්ඩායම ජයගත්තේය.

Read More

සාමාන්‍ය මාත්‍රාවෙන් තුනෙන් එකකට සමාන එන්නත් දෙකක් සති තුනක කාල පරතරයකින් ලබාදිය යුතු බව දකුණු කොරියානු ආහාර හා ඖෂධ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පසුගියදා (22) හිමිවිය.

Read More

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් හි කර්මාන්තශාලා කම්කරුවන්ගේ විරෝධතා අතරතුර පොලිසිය වෙඩි තැබීමෙන් මාධ්‍යවේදියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

මතුගම ප්‍රදේශයේ පසුගිය 15 වෙනි දින වෙඩි තබා ඝාතනය කල තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් එම ඝාතනය සැලසුම් කලා යැයි සැකපිට කාන්තාවක් පොලීසිය විසින් අද (24) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇයගේ සහභාගීත්වය සැලසුම් කර තිබූ අතථ්‍ය රැස්වීම් පවා අවලංගු කිරීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.

Read More

මේ අවස්ථාවේ තිබෙන්නේ පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රතිරෝධ නිර්මාණය කරගැනීම නොවෙන බවත් ජනතාව විශාල පීඩනයකට අසහනයකට පත්වී සිටින බැවින් සියලු වාමවාදී දේශප්‍රේමීන් ඊට මැදිහත් මැදිහත්ව කටයුතු කිරීම අවශ්‍ය බවශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

Read More

ඒ අනුව 2016 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණි. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා දන්වා සිටියේ රාජ්‍යභාග නිසි පරිදි රාජ්‍යට ලැබිය යුතු බවයි.

Read More

කෝවිඩ් 19 වෛරසයේ බූස්ටර් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇති වන බවට කටකතා පැතිර යාම පිළිබඳ අතිශය කණගාටු වන බවත් වර්ථමානයේ අනාවරණය වී ඇති පරිදි කිසිදු අතුරු අබාධයක් බූස්ටර් මාත්‍රාව සමග ඍජු සම්බන්ධතාවයක් නොමැති බව විද්‍යාත්මක පසුබිම බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

බලපත්‍ර නොමැති බව සඳහන් කරමින් මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ’දෙව්මිණි’ සහ ’වස්තු’ යන අලි පැටවුන් දෙදෙනා ඔවුන්ගේ හිමිකරුවන්ට මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (24දා) නියම කළේය.

Read More

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බවත්, එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් බව පැවසෙන මීගමුව, දකුණු පිටිපන මුහුදු වෙරළට මායිම්ව පිහිටි ලක්‍ෂ 3,000ක් පමණ වටිනා ඉඩමක් සහ වැඩ අවසන් නොකළ සුඛෝපභෝගී නිවස විශේෂ කාර්ය බළකාය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ විසින් අද (24දා) දින වටලන ලදී.

Read More

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දැමීම සම්බන්ධයෙන් තමන්ට නියම කළ මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන්නැයි ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ’චොකා මල්ලී’ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (24දා) දැනුම් දුන්නේය

Read More

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය වන රු 550,000 ක මුදල, රු 2,000,000 (විසි ලක්ෂය) දක්වා වැඩි කිරීම මෙමගින් සිදුවේ.

Read More

අසම්පූර්ණ නිල ඇඳුමින් සැරසී එනම් සෙරෙප්පු දෙකක් පැළඳ රථවවාහන රාජකාරියක නිරතවීම සම්බන්‍ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් ඇඹිලිපිටිය පොලීසියේ රථවාහන රාජකාරීයේ යෙදුන පොලිස් සැරයන්වරයෙකුගේ සේවය තාවකාලිකව තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.

Read More

වර්ථමානයේ පෙට්‍රල් 92 දින 10ට, පෙට්‍රල් 95 දින 40ට, ලංකා ඔටෝ ඩීසල් දින 08ට සහ සුපර් ඩීසල් දින 08 රජය සතුව තොග පවතින බවත් එමෙන්ම ඉදිරියේදී ඉන්ධන තොග ලැබීමට නියමිත බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කිරුළපන සරණ පාරේ පිහිටි නිවසේ හිඟ විදුලි බිල වන රුපියල් 12,056,803.38 (එක්කෝටි විසි ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි සත තිස් අටක) මුදල ගෙවා දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

Read More

හික්කඩුව සංචාරක අවන්හලකට අනවසරයෙන් ඇතුලු වී පහරදීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

Read More

ඉදිරි මාස හය ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට හැකිවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට තුළ ඇති සියලු ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මේ රට පවතින අර්බුදයෙන් ගොඩ ගත හැක්කේ වත්මන් ආණ්ඩුවට පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

Read More

පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට අනුමත උපකරණ ලේඛණයෙන් පරිභාහිර උපකරණ ගෙන ඒම මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂාවට තර්ජනයක් මතුවන බව සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Read More

කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (23) පස්වරුවේ උපදෙස් දුන්නේය.

Read More

රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමග රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පැනවීමට ජාත්‍යන්තර සංවිධාන හා රටවල් තීරණය කර තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. බන්දුල පද්මකුමාර මහතා ’මුල් පිටුව’ වැඩසටහනින් රූපවාහිනිය තුළ පත්තර කියවීමේ කලාව හඳුන්වාදුන්නේය.

Read More

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි.

Read More

15 හැවිරිදි දැරියක් හත් මසක ගැබිණියක් කල 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය සඳහන් කරයි.

Read More

වරකාපොල පාසලක මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මායින්නොලුව ප්‍ර දේශයේ පාලමක් යට තිබියදි සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින බව ජනපති මාධ්‍ය අංශය කියයි. ඔවුන් ජනාධිපතිවරයා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත්

Read More

යාපනය කෝවිලන් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක සිටි ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

රාජ්‍ය ආයතනවල හදිසි නිරීක්ෂණ චාරිකාවලට එක්වීමේ ජනපතිවරයාගේ වැඩ පිළිවෙළ යටතේ ඔහු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන වැඩපොළේ නිරීක්ෂණ චාරිකාවට එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.