saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6145 hours ago

LATEST

අපි චීන ණය උගුලකට හසුවි නෑ

calendar_today 2022 මැයි 26 - 11:50 remove_red_eye - 731  

චීනයේ ණය උගුලකට ලංකාව ශ්‍රී ලංකාව හසුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ඉදිරි දින කිහිපය ඇතුලත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම සඳහන් කරයි. ණය වර ලිපි විවෘත කිරීමට හැකි වීම මත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසයි.

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානා ජෝර්ජියාවා ප්‍රකාශ කරයි. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවැසුවාය. “කලක් ඉතා සමෘද්ධිමත් වූ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ පින්තූර නැරඹීමෙන් මගේ හදවත බිදී යනවා” යැයි ඇය පවසයි.

Read More

හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් පෝලිමේ සිටියදි පෞද්ගලික බස් රථයක් ඉන්ධන ටැංකියේ තිබුණු තෙල් බූලි කිහිපයකට පුරවමින් සිටින අන්දම අද (26දා) දැක ගත හැකි විය.

Read More

මාතලේ විල්ගමුව එලවනාකන්දේ දි ඩීසල් රැගත් බවුසරයක් අද (26දා) අලුයම පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය පවසයි.

Read More

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද මැද ශ්‍රී ලංකාවේ තරග සංචාරය සිදුකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම කොතරම් දුරට සදාචාරාත්මකදැයි ගැටළුවකින් ඔවුන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Read More

මැයි 09 දා ඇතිවූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ සවස ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.

Read More

මහියන්ගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 45ක් වන පියා හා අවුරුදු 10 හා 15 වයස්හි පසුවන පුතුන් දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් තිදෙනා ඊයේ සවස දිය නෑමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඔවුන් සොයා වැවට ගොස් තිබේ.

Read More

විවිධ විවෘත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සඳහා මෙරට පක්ෂ දේශපාලනය තුළ එතරම් විරෝධතාවයක් නොදක්වයි.

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ උපදේශන ඩිප්ලෝමාව හැදෑරූවන්ට (04වැනි කණ්ඩායම) සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.

Read More

තමන් යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා මෙම අදහස් පළකර තිබේ.

Read More

’’එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. අවංකවම, ගැටලුව අපට පිටුපසින් ඇති ප්‍රමාණයට වඩා විශාල යැයි මා විශ්වාස කරනවා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් කියයි.

Read More

රටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.

Read More

ජර්මනියේ පැවැති මීටර් 100 ධාවන ඉසව්වකින් නව ශ්‍රි ලංකා හා දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ අනුව එම ඉසව්ව තත්පර 10.09කින් නිම කරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. යුපුන් මේ අනුව බිද දැමුවේ මීට පෙර ඔහු විසින් පිහිටුවා තිබූ තත්පර 10.15ක වාර්තාවයි.

Read More

උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් ලොවපුරා මහ බැංකු විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය අනුගමනය කරමින් දකුණු කොරියානු මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.

Read More

ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව විදෙස් ගමන් තහනම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් තවමත් සිය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දි නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැවැසුවාය.්‍

Read More

සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති ප්‍රාදේශීය උසස් පාසල් සිසුවෙකු වන තුවක්කුකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහුගේ සැලැස්ම ෆේස්බුක් හි බෙදාගෙන තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත්වීම සදාකාලික ඉවත්වීමක් නොවිය හැකි බවත්, එසේම ඒ මහතාගේ සේවය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සමගින් නැවත ලබාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

එංගලන්තයෙන් තවත් මන්කිපොක්ස් රෝගීන් 7ක් සොයා ගැනීමත් සමග එක්සත් රාජධානියේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නව මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු බිල්ල වනුයේ 2015 ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවට විරුද්ධව කටයුතු කළ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද යන ප්‍රශ්නය තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

Twitter හි බේරුම්කරණය අධිකරණ ලේඛනවලට අනුව 2013 මැයි සහ 2019 සැප්තැම්බර් අතර පරිශීලක දත්තවල ’’ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය’’ වැරදි ලෙස නිරූපණය කළ බවට වන චෝදනා ආවරණය කරයි.

Read More

ඉන්දීය ණය ක්‍රමයක් යටතේ මීට මාස ගණනකට පෙර ශ්‍රී ලංකාවට ආනනය කළ දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට කොළඹ වරායේ නවත්වා තිබේ. මේ දක්වා අඩුම තරමින් එම දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර වෙතවත් රැගෙන විත් නොමැත.

Read More

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකිය.

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම හෙට (26දා) දිනයේ ද සිදු නොකරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අද (25දා) සඳහන් කරයි.

Read More

රාජයේ සේවකයන් සීමිත ප්‍රමාණයක් කාර්යාල වෙත කැඳවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇත. පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරමින්ට මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Read More

’’මයිනා ගෝ ගම’’ සහ ’’ගෝටා ගෝ ගම’’ යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වන දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්‍රි රහිම් හා පොදුජන පෙරමුණේ චින්තක අමල් මායාදුන්න මහත්වරුන්ගේ නිවාස ගිනි තැබිම හා පහර දී විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය අද (25දා) පවසයි.

Read More

ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25දා) ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 30වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (25දා) නියෝග කළාය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතින් ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි , ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ යොමු කිරීමට ගුවන් සේවා සමාගම් යොමු වෙමින් පවතින තත්වයක් උදා වෙමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.