ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන එන බව ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (8දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුද්ගලික ප්‍රශ්නයක් මුල් කර ගනිමින් වෑන් රථයකින් පැමිනි චිවරධාරින් පිරිසක් ඊයේ (7දා) සවස ආණමඩුව කුඩාවැව ප්‍රදේශයේ තරුණයකුට පහර දී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreකලුබෝවිල දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයින් අද (8දා) දහවල් විරෝධතාවයක නිරත විය.
Read Moreමුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (08දා) සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
Read Moreජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර ගෙන නැති බැවින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද(08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධයපාමින් අද (8දා) ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.
Read Moreමීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතර අද (8දා) දහවල් 11.40ට පමණ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක යෙදීම හේතුවෙන් සභාපති වරයාට සභාව දෙවරක්කල් තැබීම ට සිදුවිය .
Read Moreපාර්ලිමේන්තුවේ ඊයේ (07දා) සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (8දා) සටහන් කළේය.
Read Moreඑළඹෙන අලුත් අවුරුදු සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දුරබැහැර ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වලට අයත් බස් රථ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් කරගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස්කර ඇත.
Read Moreරුසියානු ජාතිකයෙකුට කුරුඳු පොල්ලකින් පහරදි තුවාල සිදු කල බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
Read Moreවර්තමානයේ රට තුළ උද්ගත වී ඇති ආර්ථික හා සාමාජීය අර්බුදකාරි ජනජිවිතය සාමාන්‍ය තත්වයට පත් වන තුරු නැගෙනහිර පළාත් සභාව විසින් සිදු කරන මූල්‍යමය වියදම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවම කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.
Read Moreරසායනික ද්‍රව්‍ය භාවිතා කොට නිවැසියන් නිදි ගන්වා දඹුල්ල මිරිස්ගෝනියාව හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (08දා) අලුයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජානක තිස්ස කුට්ටිආරච්චි සහ එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්‍රධාරීවරයාට උපදෙස් දුන්නේය .
Read Moreඅලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කල එළවලු අස්වැන්න දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවි මහතුන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවාද ඒවා අලෙවි කර ගැනීමට වෙළඳුන් නොපැමිණීම නිසා අද (08දා) ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ .
Read Moreදෙහිවල සත්වෝද්‍යානය වසා දමන ලෙසත් එහි සිටින සතුන් රිදියගම හා පින්නවල එළිමහන් සත්වෝද්‍යාන වෙත යොමුකරන ලෙසත් සඳහන් කරමින් සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානය විෂයභාර අමාත්‍යවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreදිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා අද (08දා), හෙට (09දා) හා අනිද්දා(10දා) යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යා හැකිබව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම නුදුරු අනාගතයේ දී අවසන් වනු ඇතැයි මොස්කව් බලාපොරොත්තු වෙයි. නමුත් එය සිදුවන ආකාරය ගැන රුසියාව කිව්වේ කුමක්ද?
Read Moreනව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ සරත් වීරසේකර මහතාට එම අමාත්‍ය ධුරය ලබා නොදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
Read Moreමුඛ ආවරණ ඉවත් කිරීම සහ ගෘහස්ථව එක්රැස්වීම සඳහා වන සීමාවන් ඉවත් කිරීම මෙන්ම ප්‍රතිශක්තිය අඩුවීමක් සිදුවී තිබීම යන සියලු කාරණා ආසාදිතයන් යළි වැඩිවීමට හේතුව බව වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
Read Moreරාජ්‍ය සේවය තුළ විශාල ලිපි ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙමින් තිබෙනබවත්, මේ නිසා රාජ්‍ය සේවයේ වැඩකටයුතු සිදුකිරීමේදී විවිධ බාධාවන් ඇතිවෙමින් තිබෙන බවත් රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreඊශ්‍රායලය පුරා මේ දිනවල මෙවැනි ප්‍රචණ්ඩත්වයක් මතුවෙමින් තිබෙන අතර, මීට පෙර සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනවල වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් භාරගැනීම තුළ මේ වනවිට එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ.
Read Moreජපානය රටවල් 106ක අනේවාසික විදේශිකයන්ට ජපානය වෙත ඇතුළු වීමට අවසර දෙන බව එරට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreපාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්යවක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.
Read Moreප්‍රංශය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සිව්වැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාදෙන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.
Read Moreසමාජ මාධ්‍ය හරහා ජනතාව කුපිතවන ආකාරයට වෛරි ප්‍රකාශ පළකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය විසින් ඊයේ (06දා) අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම මස 18දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් එච්. එම්. එස්. බණ්ඩාර මහතා නියෝග කළේය.
Read Moreසංගීත සංදර්ශන පවත්වා ණය වූ රුපියල් ලක්ෂ 25 පියවා ගැනීමට නතර කර තිබු ගංජා ජාවාරම පටන්ගත් අයෙක් ගංජා ග්රෑම් 500ක් සමග කරන්දෙණිය මහගොඩදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (7දා)අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.
Read Moreවර්තමානයේ රටේ උද්ගතව තිබෙන අර්බුද සඳහා පැවැත්වෙන විවාදයේදී ඊට මුහුණ දීම සඳහා සාධනීය අදහස් දැක්වීම හා විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම කණගාටුවට කරුණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
Read Moreපාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙක් වෙන ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.
Read More