ඉකුත් මාස දහයක කාලය තුළ ලාදුරු රෝගීන් එක්දහස් දහසය දෙනෙකු මෙරටින් වාර්තා වීම නිසා ලාදුරු රෝගය සම්බන්ධයෙන් සමාජගත වී වැරදි ආකල්ප වලින් මිදී , යම් රෝග ලක්ෂණයක් වෙතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ලාදුරු වලින් තොර රටක් ගොඩනැගීමට සියලු දෙනා එක්වන ලෙස ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය .
සමේ පැහැයට වඩා ලා පාට , සන්නිවේදනය අඩු ලප කැළැල් හටගෙන , අතපය හිරිවැටීමක් ඇත්නම් , එය ලාදුරු රෝගයේ ලක්ෂණක් විය හැකි බැවින් ඒ සදහා ප්‍රතිකාර ගැනීම සුදුසු බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටී.
මීට වසර 40 පමණ පෙර ලාදුරු වලට ප්‍රතිකාර නොතිබූ අතර එවකට රෝගීන් නිරෝධායනය කොට විවිධ ක්‍රම හරහා රෝගය සුව කර ගැනීමට පිළියම් යොදා තිබුණි. නමුත් 1980 පසුව ඒ සඳහා පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයා ගෙන ඇති බවත් ඒ නිසා ලාදුරු සුව කළ හැකි රෝගයක් බැවින් කඩිනමින් ප්‍රතිකාර ලබාගෙන ආසාදිත තත්වයෙන් මිදීමට පියවර ගන්නා ලෙස වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටී .
ලාදුරු රෝගය යනු ඉතා හෙමින් බෝ වන රෝගයක්. ඒ නිසා සමාජ ගතවී ඇති වැරදි ආකල්ප වලින් ජනතාව මිදී ඒ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් බවයි හෙතෙම පවසන්නේ.
" 2020 වසරේ සිට මේ දක්වා ලාදුරු රෝගීන් හතළිස් දහසක් පමණ මෙරටින් වාර්තා වෙලා තියෙනවා. එය 2019 වසරේදී 1036 ක් ලෙසත් 2022 වසරේදී 1016 ක් ලෙසත් වාර්තා උනා . 2019 වාර්තා වූ රෝගීන්ගෙන් සියයට හතක් පාසල් දරුවන්. එය මේ වනවිට සියයට 14 දක්වා වර්ධනය වෙලා.
මේ රෝගීන්ගෙන් සියයට අසූවකගෙම නිවසේ තවත් රෝගියෙක් ඉන්නවා. අධික ජන ඝනත්වයෙන් යුත් ප්‍රදේශවල ජීවත් වීමත් ළග ළඟ පිහිටි කුඩා නිවාසවල දිගු කාලයක් වාසය කරමින් එකට ගැටීමත් සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමත් මෙම රෝග ව්‍යාප්තියට හේතුවක් .
මෙසේ වාර්තා වූ රෝගීන්ගෙන් සියයට 25 මඩකලපුව දිස්ත්‍රික්කයෙන් හා සියයට 14 - 17 අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන්. පසුගිය වසර දෙක හමාරක පමණ කාලය තුළ රට පුරා පැවති කොවිඩ් වසංගතය නිසා ලාදුරු පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුණා . මේ හේතුවෙන් රට පුරා ලාදුරු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කළා. නමුත් දැන් දැන් එම පරීක්ෂණ කඩිනම් කරලා ලාදුරු රෝගීන් හඳුනාගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා .
ඒ විතරක් නෙමෙයි ජනතාව දැනුවත් කිරීමත් ඉතා වැදගත් .ඒ සදහා විවිධ වැඩසටහන් ද මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඉන් පළමුවැන්න පාසල් මට්ටමින් දරුවන් දැණුවත් කිරීම හා ලාදුරු සම්බන්ධයෙන් වූ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීම. මෙලෙස ජනතාව දැනුවත් කරද්දි සමාජයේ සැඟව සිටින ලාදුරු රෝගීන් හමු වීමේ වැඩි ඉඩක් තියෙනවා.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව ලාදුරු අවදානම වැඩියෙන් හඳුනාගෙන ඇති අනුරාධපුර කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් බස්නාහිර පළාතේ තෝරාගත් ස්ථාන කිහිපයකත් විවිධ වැඩසටහන් පවත්වා ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමටයි අපේ ප්රයත්නය."