saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5538 hours ago

LATEST

කබ්රාල්ට රටින් පිටවීම තහනම්

calendar_today 2022 අප්‍රේ 07 - 14:59 remove_red_eye - 1300  

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ආර්ථික අර්බුදය මධ්‍යයේ දීප ව්‍යාප්ත විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් අත්විඳිමින් සිටින බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පවසයි.

Read More

තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

Read More

ඇතන්ස් (ෂිංහුවා) - ඉහළ යන ජීවන වියදමට විරෝධය දක්වමින් ග්‍රීක ජනතාව එක්දිනක් සේවයෙන් ඉවත්ව පාර්ලිමේන්තුව ඉදිරිපිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

ජන පීඩක පාලනය හෙළා දකිමු යැයි පවසමින් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (7දා) දහවල් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වී ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු ඊයේ (6දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වී නව අන්තර්කාලීන පාලනයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ ඊයේ (06දා) ප්‍රකාශ කළ ආකාරයටම තම මන්ත්‍රී වැටුප වසරකට ලබා නොගන්නා බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (06දා) දිනයේ සිදු කළ අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුව අද (07දා) ආරම්භ වීමට පෙර විශේෂ සිදුවීමක් විය.

Read More

කල්එළිය වෑබඩමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හෑරීම සදහා ශාන්තිකර්ම සිදු කරමින් යෙදී සිටි බව කියන කපුවෙකු හා කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු රජයේ අරක්කු බෝතල් දහයක්ද සමග ඊයේ (6දා) සවස අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි.

Read More

ගිරිඋල්ල පස්යාල මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී ඊයේ (6දා) සවස සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලත් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකාවක වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

Read More

COVID-19, ඉන්ධන සහ ඖෂධ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය රට වැසියන්ට දන්වා තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තෙවැනි මට්ටමේ අනුතුරු ඇඟවීමක් ඇමෙරිකාව විසින් නිකුත් කර තිබේ.

Read More

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07දා) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.

Read More

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසීය. ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට ආණ්ඩුව වගකිව යුතු බවත් ඔහු පැවැසීය.

Read More

ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් කළු වර්ණයෙන් සැරසුණු මහනුවර ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් මහනුවර දළදා වීදියට එක්ව දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය .

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (6දා) පමණක් රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර, විධායක අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Read More

’’ ජනපති ඉල්ලා අස්වෙන්නේ නෑ. අපි හැප්පෙන්න ලෑස්තියි. මේක අමාරුකාලයක් බව අපි දන්නවා. සැලසුම් සහගත ලෙස මේ ප්‍රශ්න ටික විසඳනවා. 69 ලක්ෂයක් ජනපතිට අවුරුදු 5කටයි බලය දුන්නේ. ව්‍යවස්ථාවන් පිට වැඩ කරන්නේ නෑ. ජනතාව ඡන්දයකින් අපිව විපක්ෂයට යැව්වොත් අපි ඒක පිළිගන්නවා.’’

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ සිටින තෙක් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

අමාත්‍ය මණ්ඩලය මෑතක දී ගත් තීරණයකට අනුව, නෝර්වේ රාජධානියේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාක ජනරජයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලයේ සිඩ්නි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2022 අප්‍රේල් 30 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ඉන්ධන ණය පහසුකම යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාවක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ශ්‍රි ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එසේම ඉන්දීය ණය පහසුකම් යටතේ මේ දක්වා ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000කට අධික ප්‍රමාණයක් ලංකාවට ලබාදී ඇති බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Read More

රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයා ඇති සමාගම් හා පුද්ගලයන් සඳහා සියයට 25ක අධිභාරයක් පැනවීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරය එක්වීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

පැය හය හමාරක විදුලි කප්පාදුව මේ සතියේ සිකුරාදා දක්වා තිබෙනවා. සති අන්තයේදී ඉල්ලුම අඩුවීම නිසා විදුලි කප්පාදුව අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉන්දියන් ණය පහසුකමින් අපිට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙනවා. කලින් මුදල් ගෙවපු තෙල් එකක් 7 වෙනිදා ලංකාවට එන්න නියමිතයි. සුමානයක් විතර නැංගුරම් ලා තිබුණ නෞකාවට සල්ලි වෙන්කරා කියලා දැනගන්න ලැබුණා. සිංහල දෙමළ අවුරුද්ද එන නිසා විදුලි කප්පාදුව අඩුකරලා මහජනතාවට සහනයක් ලබාදීම මහජ උපයෝගීතා කොමිෂන් සභාවේ මූලික කාර

Read More

නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින්ම මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට සිදු වෙනු ඇත.

Read More

මෙම ජනාධිපතිවරයා පැවසුවේ ජනපති නිලවරණයට ඉදිරිපත් වීමට තමාව පෙලඹවූයේ වැටුප නොවන බවයි. බලයට පත්වූ දා සිට අද දක්වා ජනතාවගේ ජීවිතය යහපත් කරන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමුකිරීම අංක එක වූ බවයි.

Read More

ලොව ඕනෑම තැනක සිටින ඇමෙරිකානු පුරවැසියන්ට රුසියාව සමග කිසිදු ආයෝජනයක් සහ ගනුදෙනු තහනම් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අද (07දා) විධායක නියෝගයකට අත්සන් කිරීමට නියමිතව තිබේ.

Read More

මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පිළිබඳ සැලකීමේදී පෙනී යයි. ඒ අනුව පසුගිය 05වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,997දෙනෙකු පමණි.

Read More

යුක්රේනයේ සිදුවූයේ යැයි කියන සාහසික ක්‍රියා උපුටා දක්වමින් එක්සත් ජනපදය තවත් රුසියානු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සම්බාධක පනවා ඇත.

Read More

අලුත් අවුරුද්ද සඳහා ප්‍රධාන නගරවල සිට ජනතාවට ගම්බිම්වලට යෑම සඳහා මෙවර විශේෂ දුම්රිය දෙකක් පමණක්ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Read More

රුසියාව සහ චීනය වත්මන් ලෝක න්‍යායට අභියෝග කරන බව අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පවසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.