ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ යමින් පවතී. මේ අනුව මෙම මාසයේ මුල් සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 17000 ඉක්මවා තිබේ.
රට තුළ පැවැති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ සංචාරක පැමිණීම ක්‍රම යෙන් පහත වැටුණත් යළි ක්‍රමයෙන් රට ස්ථාවර වීමට පටන් ගැනීමත් සමග මෙසේ සංචාරක පැමිණීම් වර්ධනය වී තිබේ.
මේ වන විට දෛනිකව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් තිබේ.