saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 5903 hours ago

LATEST

ඉන්ධනහල් 931ක ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මකයි

calendar_today 2022 ජුලි 29 - 18:36 remove_red_eye - 787  

ජාතික ඉන්ධන බලපත්‍රය අද දිනයේදී ඉන්ධනහල් 931ක ක්‍රියාත්මක කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම එම ක්‍රමවේදයට මේ දක්වා වාහන මිලියන 4.6ක් ලියාපදිංචි වී ඇති බවද ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයට අදාළෂ අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතම් කර්නර් මහතා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එළැමෙන 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (29) නියෝග කළේය .

Read More

ශ්‍රී ලංකාව බංකොලොත්වීමට ප්‍රධාන හේතුවෙක් වූයෙ චීනය විසින් ශ්‍රී ලංකාවට පාරාන්ධ ණය හා ඵලදායි නොවන ව්‍යාපෘති බව ඇමෙරිකාවේ සමන්තා පවර් කළ චෝදනාව චීනය ප්‍රතික්ෂේප කළේය.

Read More

බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන බලපත් සඳහා දඩ මුදල් අය නොකිරිමේ කාලය අගෝස්තු 31 දා තෙක් කල් දමා තිබේ.

Read More

රුසියාව තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බව රොස්කොස්මොස් ප්‍රධානියා පවසයි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස මහේන්ද්‍ර කුමාරසිංහ මහතා අද දින වැඩ භාරගත්තේය. මානව සම්පත් සංවර්ධනය හා ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ වසර 20ක පමණ පලපුරුද්දක් සහිත කුමාරසිංහ මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වේ.

Read More

යුරෝස්ටාට් පැවසුවේ රටවල් 19ක යුරෝ කලාපයේ වර්ධනය දෙවැනි කාර්තුවේදී 0.7% දක්වා ළඟා වූ බවය. කෙසේ වෙතත් එය විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා යම් සතුටුදායක තත්ත්වයක් බවද කියයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට එයින් සිදුව ඇති බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එය බදාදා වයඹදිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලිජියාන්-1 රොකට්ටුවක් මගින් දියත් කරන ලදී.

Read More

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බවත් 2014 වසරේ සිටි නව ප්‍රධාන විදුලි බලාගාර කිසිවක් ආරම්භ කිරීමට ලංවිම කටයුතු කර නොමැති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කැලිෆෝනියාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ හි මන්කිපොක්ස් වසංගතය පැතිරීමට ප්‍රතිචාර වශයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ජනාධිපති මන්දිරයට ඉකුත් නම වෙනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය ඇඳ ඇතිරිල්ලක ට භාවිතා කළ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක කළුතන්ත්‍රිගේ උදේනි ජයරත්න යන අය අද (29දා) අත්අඩංගුවට ගත් බව වෙල්ල විදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි මහතා පැවසීය.

Read More

පෝලන්තයට යුද ටැංකි සහ කාලතුවක්කු 1,600කට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රහාරක ජෙට් යානා 50කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.

Read More

නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පැය තුනක් ඇතුලත කිලෝමිටර් තුනක් දුරට තිබු වාහන පොලිමට පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරිමට ඊයේ (28දා) දින සමත් ව ඇත.

Read More

‘ගුවන් හමුදා භටයෙක් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙයි’ යනුවෙන් සමාජ මාධ්‍යතුළ පුවත පිළිබඳව ගුවන් හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු නොකළහොත් ලබන වසරේ දී විශාල පෝෂණ ඌනතාවයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.

Read More

චීනයෙන් ඩොලර් බිලියන 4ක ණය ආධාර පැකේජයක් ලබා ගැනීම වෙනුවෙන් වන සාකච්ඡා ඉතාමත් ඉක්මනින් අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා පවසයි.

Read More

ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 4.4ක් ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම අද දිනයේදී සිපෙට්කෝ (442) හා අයි.ඕ.සී (94) ඉන්ධන හල් 536ක මෙම ක්‍රමය අත්හදා බැලුන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද (28දා) මධ්‍යම රාත්‍රි යේ සිට පාර්ලිමේන්තුවේ වාරාවසාන කර තිබේ.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා අතර හමුවක් පවත්වා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණ.

Read More

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර ඇත.

Read More

“අරගලකරුවන්ට තමන්ගේ සාමකාමී අරගලය නම් කරගන්න තියෙන්නේ ඒකට ගැටලුවක් නෑ. තමන්ට ඕන විදිහට ඒ සාමකාමී අරගලය කර ගන්න පුළුවන්. චණ්ඩිපාට් දාන්න බෑ. අරලිය ගහ මන්දිරය අල්ලන්න, ජනාධිපති මන්දිරය අල්ලන්න, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලන්න ආවොත් අතපය කඩා ගන්න වෙයි.”

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙන තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 131ක් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 119කි.

Read More

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා​ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී තමන් තේරී පත් වූවා නම් අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

ව්‍යාජ ලෙස ඉන්ධන ටැංකියක් සවි කළ ත්‍රීරෝද රථයක් බණ්ඩාරගම රඹුක්කන අයි ඕ සි ඉන්ධන පිරවුම් හල තුළ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි

Read More

රජයේ වැඩපිළිවෙල යටතේ කිව්.ආර් සංකේතයට අනුව ඉන්ධන පිරවුම්හල් වලින් පෙට්‍රල් හා ඩීසල් ලබාදෙන බව පැවසුවද මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු පෙට්‍රල් නොමැතිකම නිසා ඔවුන් ආ යතුරුපැදි පෝලිමේ නවතා අද (28 දා) උදෑසන පාපැදියකින් ගම්මානය කරා ගමන් කරන අයුරු අප කැමරා කාචයේ මෙලෙස දිස්විය.

Read More

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 4ක් හා පුහුණුකරුවෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ. මෙසේ කොවිඩ් ධනාත්මක වූවන් අතර ජිම්නාස්ටික් ක්‍රීඩකයින් දෙදෙනෙකු, ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු සහ පිරිමි සහ කාන්තා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවක්ද වෙයි.

Read More

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

Read More

රටේ පවත්නා තත්ත්වය තුල හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එහි ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (28දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.