එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති එච්. ඊ. ඛලීඩ් නසර් අල් - අමේරි මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී සිදු විය.
දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම එරට ජාතික සභාව සඳහා නියෝජිතයින් තොරාගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී සුහද පිළිසඳරක යෙදුණු තානාපතිවරයා දෙරට අතර දූත සම්බන්ධතා වැඩිකරගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය. එසේම ළමා සහ කාන්තා යන දෙපාර්ශ්වය සවි බල ගැන්වීම පිළිබඳව ද විශේෂයෙන්ම කාන්තාව ව්‍යාපාරික වශයෙන් සවි බල ගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
තවද පුනර්ජනනීය බලශක්තිය රටේ බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡා කළේය.

