පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ සහ උඩවලව - ඇත්අතුරු සෙවණ දී අලින් පහරදීමෙන් මරණයට පත්වූ වනජිවි නිලධාරින් දෙදෙනාට වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබාදී තිබේ.
ඇත් අතුරු සෙවනේ දී මරණයට පත් වූ වනජීවී සේවකයා ස්ථිර පත්වීමක් ලබා නැතත් එම සේවකයාගේ මරණය සම්බන්ධව රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඔහුගේ පවුලට පිරිනැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එමෙන්ම පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට පත්වූ වනජිවි සේවකයාටද වන්දි ප්රදානය කිරීමට ද තීරණය කර ඇත.
අනියම් පදනම මත සේවය කරන්නන් රාජකාරිය අතරතුර මරණයට පත්වුවහොත් වන්දි ලබා දීමට වනජීවී අණපනත් අනුව ප්‍රතිපාදන නොමැති බැවින් වන්දි පිරිනැමීම පහසුකරවීම සඳහා එම අණ පනත්වලට අවශ්‍ය සංශෝධන සිදු කරන්නැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.