අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සදහා කාලය වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව කාරක සභා අවස්ථා විවාදය පැය එක හමාරකින් දීර්ඝ කිරීමට මෙහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන නොවැම්බර් 23 සිට දෙසැම්බර් 7 දක්වා කාලය තුළ ප.ව 7.00 දක්වා විවාදය පැවැත්වෙනු ඇති අතර පෙර තීරණය කළ පරිදි දෙසැම්බර් 8 වැනිදා ප.ව 5.00 ට තෙවනවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.