මෙරට ජනතාවට හා සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සමුළු තුනකට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) නියම කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කරන “සෞඛ්‍යය මූල්‍යකරණ හා ආර්ථික අභියෝග” සමුළුවට” දකුණු ආසියානු කලාපීය රටවල්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගීවන ඉන්දියානු සමුළුවට සහ පොදු රජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය වරුන්ගේ සමුළුවට සහභාගි වීමට අවසර දෙන්නැයි දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියම කළ විනිසුරුවරයා පෙබරවාරි 21 සිට මැයි 20 දක්වා කාලය තුළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔහුට විදේශගත වීමට අවසර දුන්නේය.
අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීමේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් පනවා තිබිණී.
2014 නොවැම්බර් මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පළමු විත්තිකරු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රූපවාහිනි සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන මොහොතක එහි ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් රුපියල් 9 90 000/-ක මුදලක් වැය කොට රූපවාහිනි සංස්ථාවට ජී අයි බට 600 මිලදී ගෙන රජයට පාඩු සිදු කළ කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී මෙම වරද කළැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස චෝදනාා ලැබ සිටින්නේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ චන්ද්‍රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්තුරුන්ය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කරන “සෞඛ්‍යය මූල්‍යකරණ හා ආර්ථික අභියෝග” සමුළුවට” දකුණු ආසියානු කලාපීය රටවල්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගීවන ඉන්දියානු සමුළුවට සහ පොදු රජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය වරුන්ගේ සමුළුවට සහභාගි වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ලබන 21 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා කාලය තුළ මෙම සමුළු පැවැත්වෙන බව දැනුම් දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ සඳහා ඔහුට ආරාධනා ලලැබී ඇති හෙයින් එම සමුළු වලට සහභාගීවීම සඳහා ඔහුට විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේ.
තම සේවාදායකයා විදේශගත වූ අවස්ථාවක නඩු විභාගය පවතින්නේ නම් බාධාවකින් තොරව නඩුව විභාග කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා දැනුම් දුන්නේය.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි මහතා කරුණු ඉදිරිපත් කරමි්න් නඩු විභාගයට බාධා නොවන තාක් කල් විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන්නේ යැයි කීය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙනන් අනතුරුව විත්තියේ ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු 14 වැනිදා තෙක් කල් තැබුවේය.