බංකොලොත් වු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් අද වන විට පළාත් පාලන මැතිවරණය පිළිබදව වහසිබස් දොඩමින් සිටින බවත් ආණ්ඩුවක් ලෙස ඕනෑම වේලාවක මැතිවරණයනට ලැස්ති බවත් ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සභාවන් සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපෙක්ෂකයින් දැනුවත් කිරිමේ රැස්විමකට එක්වෙමිනි.එම රැස්විම මාතලේ ඇම්.සි පාර කාර්යාලේදි පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කළේ ‘අද වන විට විපක්ෂ නායකයා විසින් රටේ වටේ බස් රථ පදවමින් යනවා.විපක්ෂ නායකයකුගේ භුමිකාව පවා අද අමතක කරලායි එතුමා කටයුතු කරන්නේ.මේ රටේ විපක්ෂ නායකවරු හිටියා නමුත් මේ වගේ බොළද වැඩ කළේ නැහැ.ඒ නිසා මේවා ජනතාවට පහදා දිය යුතුයි.ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපි පක්ෂයක් ලෙස ශක්තිමත් ලෙස පැවති හැම මැතිවරණයකට මුහුණ දෙන්නා මහ මැතිවරණය,ජනාධිපතිවරණය වගේම ඉතා කෙටි කලක් තුළ පළාත් පාලන මැතිවරණයද අපි විශිෂ්ට අයුරින් ජය ගත්තා.නමුත් ඇතැම් නායකයින් ගත්ත ඇතැම් තිරණ නිසා ඉන් පිඩාවට පත් වුණේ බිමේ සිටින අප නියෝජතයින්.මේවා අපි ඉහළ නායකයින්ට මේවා තේරුම් කරල තියෙන්න්.වර්තමනාය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ නායකත්වයෙන් අපේ රට යම් තාක් දුරට හොද මට්ටමක එමින් පවතනිවා.ඉදිරියේ අයිඑම්එෆ් ණය පහසුකම් ලැබෙන්න නියමතියි.රට යථා තත්වයට පත් විමට නම් අපේ ජනතාවට සහන ලබා දිය යුතුයි.අද වන විට යම් යම් සහන ලැබෙමින් පවතනවා.නමුත් ඒ සියල්ල ජනතාවට සැහිමිකට පත්වෙන්න බැහැ.අපි යම් කැපකිරිම් සිදු කළ යුතුයි.අද වන විට ජනතාව ආර්ථික වශයෙන් පිඩාවට පත් වෙලා ඉන්නවා.අපි මේවා තේරුම් අරන් ඉන්නේ.ඇතැම් පිරිස් මැතිවරණය ඉල්ලන්නේ මේ සියලු දේට උත්තරය කියලයි.නමුත් එය හැම ප්රශ්නකයනට උත්තරය නොවේ.මේ සදහා විශාල පිරිවැයක් යනවාතඒවා නැවත ගෙවන්න වෙන්නේ ජනතාවටයි.මේව හොදින් තේරුම් අරන් අපි වැඩ කළ යුතු බවද දිසානායක මහතා පැවසිය.
මාතලේ මහේෂ් කීර්තිරත්න