73 වන චීන ජාතික දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් සංවිධානය කරන “මිත්‍රත්වය සමග සෙනෙහස” සමාජ සුබසාධන ව්‍යාපෘතිය යටතේ දීපව්‍යාප්තව රෝද පුටු, අත්වාරු, රුධිර පීඩනමාන, ප්‍රථමාධාර කට්ටල, ගෘහ උපකරණ,ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ පරිත්‍යාග කරන වැඩසටහන යටතේ වියළි ආහාර ද්‍රව්‍ය අඩු ආදායම් ලාභී පවුල් වෙත ලබා දීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (227) මාලඹේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගි වුයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චොංහොං මහතායි. එහිදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව මුහුණ දි සිටින ආර්ථික අර්බුදය හමුවේ චිනය හැකි සැම සහයක් ලබා දෙන බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරිමේදී චීනය එහි සාමාජිකයකු වන බැවින් ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. ශීු ලංකික ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදිමට චිනය නිරන්තරව කටයුතු කරන බවද වැඩි දුරටත් චීන තානාපති කියා සිටියේය.
තලවතුගොඩ වික්‍රමසිංහපුර පිහිටි නාගරික ළමා හා වැඩිහිටි නිවාසය සදහා රෝද පුටු, අත්වාරු, රුධිර පීඩනමාන, ප්‍රථමාධාර කට්ටල, ගෘහ උපකරණ පරිත්‍යාග කිරිමද සිදුකල අතර ඒම අවස්ථාවටද චීන තානාපති එක්විය.
මෙම පරිත්‍යාග සඳහා අනුග්‍රහය දක්වන්නේ, සාමය හා සංවර්ධනය සඳහා වන චීන මිත්‍රත්ව පදනමයි (China Friendship Foundation for Pease and Development).
ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය හා විදේශ රටවල මිත්‍රත්වය සඳහා වන චින ජනතා සංගමය (Chinese People’s Association for Friendship with Foreign Countries) මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනට සහයෝගය දක්වයි.