saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5226 hours ago

LATEST

මෙගා වොට් 300ක LNG බලාගාරයකට මුතුරාජවෙල ඉඩමක් ලංවිමට

calendar_today 2022 ජුනි 21 - 10:13 remove_red_eye - 358  

මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී. බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුදු තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස 20 දා නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (22දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More

විදුලි බලය සැපයිම හා සම්බන්ධ සියලු ‌සේවාවන්, ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හා බෙදා හැරීම, රෝහල්වල, සාත්තු ‌සේවාවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ස්ථානවල රෝගීන් නඩත්තු කිරීම හා ‌පිළිගැනීම, රැකවරණය, නඩත්තු කිරීම හා පෝෂණය සහ ප්‍රතිකාරී කිරීම සම්බන්ධව කළ යුතු හෝ අවශ්‍ය වැඩ විස්තරයක සියලුම සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසඩ් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජූනි මාසයේදී බෙල්ජියමේ උද්ධමනය 9%ක් දක්වා ළඟා වූ අතර එය දශක හතරක ඉහළම අගයකි. ජනතාවගේ ක්‍රය ශක්තිය පහත වැටීමත් සමග විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ වැටුප් වැඩිකිරීම් සහ බදු කප්පාදුවකි.

Read More

ජාතන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

RMT සියයට හතක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, එය උද්ධමනයට වඩා අඩු නමුත් සේවා යෝජකයන් විසින් පිරිනමනු ලබන ප්‍රමාණයට වඩා වැඩිය.

Read More

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20) අනුමැතිය දුන්නේය.

Read More

කටීබා මසීනා ඉස්ලාමීය කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා සහ ඉරිදා අතර රාත්‍රියේ මාලි හි මධ්‍යම මොප්ටි කලාපයේ බෑන්කාස් ග්‍රාමයේ, අවම වශයෙන් ගම් තුනකටවත් පහර දී ඇත.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට ගෙවමින් තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ චීනය ශ්‍රී ලංකාවට ලබදෙන සහාය සම්බන්ධයෙන් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මැක්රොන් පාර්ලිමේන්තුවේ අස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රංශ විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන ‌පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කළ තමන් හෙට (21) දිනයේදී පාර්ලිමේන්තුවේ දිවුම්රුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

යුරෝපය, ඇමෙරිකානු කලාපය ඇතුළු කලාපයේ රටවල කොවිඩ්-19 ආසාදිත අවස්ථා යළිත් වරක් දැකගත හැකි අතර, විශේෂයෙන්ම ඔමික්‍රොන් නව ප්‍රභේද සමග වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගෙන තිබේ.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාවත (මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය) අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට පාතාල ක්‍රියාකාරීන් සහ දාමරිකයින් රිංගා විවිධ තර්ජන සිදුකරමින් බලහත්කාරයෙන් සිය හිතවතුන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කරමින් සිටින බැවින් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

Read More

කාන්තාවක් ගමන් කළ යතුරු පැදිය පෙට්රල් නොමැතිව හුදෙකලා ස්ථානයක නතර වූ අවස්ථාවේදී උදවු කිරීමට යැයි පවසමින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් එම කාන්තාවගේ ගෙල බැඳි ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පලා ගොස් ඇති බව තිරප්පනය පොලීසිය පවසයි.

Read More

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී හෙට (21දා) දිවුරුම් දීමට නියමිතය.

Read More

හපුතලේ සිට ගුවන් තොටුපළෙ වෙත යාමට සිටි රුසියානු සංචාරකයෙකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලෙන් වාර්තා වෙයි.

Read More

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමටද අවස්ථාව සැලසේ.

Read More

මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රීලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින් සිදුකල ප්‍රකාශයන්ට එරෙහිව විරෝධය පාමින් ඊයේ (19දා) සවස යාපනයේ දී විරෝධතාවක් පැවැත්විණි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති දොරටු දෙක අවහිර කළ ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

නිවෙසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයට පුද්ගලික අංශයේ සේවකයින්ද යොදවන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

හැටන් ප්‍රදේශයේ සමාන්‍යපෙල උත්තර පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් අද (20දා) උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භ කිරිමට ප්‍රථම උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

Read More

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටින ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් කැකිරාව නගරය මධ්‍යයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට සංගීත ප්‍රසංගයක් ඊයේ (19දා) රාත්‍රියේ පැවැත් වූ පුවතක් වාර්තාවේ.

Read More

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

මෙම පරීක්ෂණය ආරක්ෂිත ස්වභාවයක් ගත් අතර, කිසිදු රටක් ඉලක්ක කර නොගත් එකක් බව අමාත්‍යාංශය පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් , එතැන් සිට අද(20දා) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

එක්සත් ජනපද අගනුවර වන වොෂින්ටන් ඩීසී හි පැවති සංගීත උත්සවයකදී තරුණයෙකු විසින් සිදුකළ වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මේ අනුවර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

Read More

චීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් විසින් රැස්කර ඇති ප්‍රයෝජනවත් අත්දැකීම් මත පදනම්ව, වාර්තාව අංශ 08කින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශද ඉදිරිපත් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.