saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5225 hours ago

LATEST

ඉන්ධන අර්බුධය නිසා පාර්ලිමේන්තු රැස්වීම් අඩු කරයි

calendar_today 2022 ජුනි 21 - 17:17 remove_red_eye - 132  

පාර්ලිමේන්තුව මෙම සතිය තුළ අද (21දා) සහ හෙට (22දා) පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රීට් පෙත්සමක් ඒම විසින් අද ප්‍රතික්ෂේප කළේය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැති බව සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා මෙම තොරතුරු සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද (21දා) තීන්දු කළේය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20දා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Read More

ජාත්‍යන්තර දත්ත වාර්තාවට අනුව මෙරට දුප්පතුන්ගේ සංඛ්‍යාව මිලියන 01ක් පමණක් වුවත් නවතම දත්ත වාර්ථා වලට අනුව එය මිලියන 03 දක්වා ඉහළයාමක් පෙන්වන බවමහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .

Read More

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මේ වසරේ මැයි මාසයේදි ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 45.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් සිදුකරන ගුරුවරින් පිරිසක් පුත්තලම ඇන්ඩෘ ජාතික පාසල ඉදිරිපිටදි තමන්ට රාජකාරියට පැමිනිමට ඉන්ධන ඉල්ලමින් අද (21දා) දහවල් විරෝධතාවයක නිරත වූහ.

Read More

කොවිඩ් එන්නත් සඳහා බුද්ධිමය අයිතිය ඉවත් කිරීමට ලෝක වෙළඳ සංවිධානය තීරණය කර තිබේ. ලෝක වෙළඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

පෑලියගොඩ මැනිං වෙළදපොලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 46ක පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබේ.

Read More

රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහභාගී වෙයි. රුවන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් පනස් හතර (54) සහභාගී වේ.

Read More

පදිංචියට හා වගා කිරීමට ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් උඩරට වතුකරයේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක් හැටන් නගරයේදී අද(21දා) විරෝධතාවයක නිරත වුහ.

Read More

ඉන්ධන ලබා ගැනිම සදහා ඉන්ධන පෝලිමේ දින දෙකක් සිටියදි එහි සිටි තරුණයෙකුගේ උපන් දිනය එම පොලිම් වල සිටි පිරිස් එකතුවි ඉන්ධන පෝලිමේම සිට කේක් කපා උපන් දිනය සැමරුවේය.

Read More

දිවයින පුරා පිහිටි තෝරාගත් පිරවුම්හල් 74කදී සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා සෑම සිකුරාදා දිනකම ඉන්ධන ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

Read More

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් ඊට මුලින්ම විරුද්ධ වන්නේ තමන් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සඳහා කිසිම අවස්ථාවක යෝජනා නොකළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

“අමාරුම කාල පරිච්ඡේදයක් ගෙවන්නේ. ලබන මාසය වන විට යම් සහනදායි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් වේවි. එතෙක් ඉවසීමෙන් ඉන්න. අපි හැමෝම නිමුනේ නැත්නම් මේ රට ආයෙත් අසූ ගණන්වල තිබුණ තත්ත්වයට යන්න පුළුවන්.”

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේදී ඉඩමක වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක ප්‍රමාණයක් ගොඩගෙන අද (21දා) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය තවත් ඩොලර් මිලියන 5.75ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

දිනයන් සහ මිල ගනන් වෙනස් කර වෙළඳ පොලට නිකුත් කිරීමට සූදනම්කර මින් සිටි රුපියල් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් බව පැවසෙන ටින්මාඵ තොගයක් පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඊයේ (20දා) සවස අත් අඩංගුවට ගත්බව බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසයි.

Read More

යල කන්නය සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65000ක් රැගත් නෞකාව ජුලි 06දා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර යෝගා දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද (21දා) පැවැත්විණි.

Read More

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගන්නා ලද වී සහල් කර වෙළෙඳ පොලට සැපයීමේ වැඩ සටහන වහාම අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාහට උපදෙස් දුන්නේය.

Read More

ගෘහ සේවයට විදෙස්ගතවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් දක්වා පහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

රජයේ පාලන මිලට සහල් ලබාදෙන දෙන බවට පසුගියදා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩඩ්ලි සිරිසේන මහතා අනෙකුත් සහල් මෝල් හිමියන්ට ඇතුළු ව්‍යාපාරිකයන්ට දැනුම්ද දීමත් සමග වෙළඳපොලේ පාලන මිලට සහල් තිබේදැයි සොයා ගිය ගමනමනේදී දඹුල්ල ,නාවුල, ගලේවෙල ,සීගිරිය, ආදී තදාසන්න ප්‍රදේශ වල පාලන මිලට සහල් ඇටයක් හෝ සොයා ගැනීමට නොහැකි බව පාරිභෝගික ජනතාව පවසති.

Read More

ජනතා ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් නිදාගෙන සිටින ආණ්ඩුව ඇහැරවීමට මෙම සතියේදී වගකීම් සහගත භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ රැදී සිටින බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 එකමුතුවේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

ඉන්ධන පෝලිමේ දින එකහමාරක් පමණ පෝලිමේ රැඳි සිටි පුද්ගලයෙකු පපුව රිදෙන බව පවසමින් නිවසට පැමිණ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

Read More

විපක්ෂයේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ. රට මුහුණ දෙන අර්බුදය විසදීමට ආණ්ඩුවට නිශ්චිත වැඩ පිළිවෙළක් ආණ්ඩුව මේ දක්වා ඉදිරිපත් නොකිරිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

Read More

’’බලාපොරොත්තුව අත් නොහරින්න ’’ යන තේමාව යටතේ මේ දිනවල ඉන්ධන පෝලිම් වල සිටින ජනතාව වෙත සිසිල් පැන් සහ කෙටි ආහාර වේලක් ලබා දීමට නාරාහේන්පිට ජනතා දේව සභාවේ ශාන් ජෝෂප් දේවගැතිවරයා අද (21දා) පියවර ගෙන තිබුණි.

Read More

විදෙස් ගත ශ්‍රමිකයන් වසරක කාලයක් තුළ අඛණ්ඩව ඩෙලර් 50 බැගින් ඔවුන් විදේශ මුදල් එවන බැංකුවකට මාස් පතා ඒවීම මගින් වසරක් අවසානයේදී ඩොලර් 3000ක පොලී රහිත ණයක් ලබාගැනීමට අවස්ථාව ‌ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.