වියත්මගයි කලහකාරී මන්ත්රීවරුන්ගෙයි වෙනසක් නෑ
වියත්මගෙන් පාර්ලිමේන්තුවය තේරීපත්වූ ආචාර්ය, මහාචාර්ය මන්ත්රීවරුන්ගේ හැසිරීම ඊට පෙර තේරීපත්ව කළහකාරීලෙස හැසිරුණු මන්ත්රීවරුන්ගේ හැසීරීම අතර කිසිදු වෙනසක් නොමැති බවට ඊයේ(08දා) පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්යක කංචන විජේසේකර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද(09දා) පැවති ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශට පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
&විපක්ෂයේ මන්ත්රීවරැන් මේ ප්රතිපත්ති ප්රකාශය වර්ජනය කරලා ගියා. මට මතක් වුණේ දින 52 වෙලාවේ අර්බුදයක් ඇතිවුණා පාර්ලිමේන්තුවේ. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් ගහගත්තා. එහෙම ගහගත්තම එළියේ හිටපු අචාර්ය, මාහාර්යවරැ ටිකක් කිව්වා මේ අය නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනී, අපි වගේ මහාචාර්යවරු තමයි පාර්ලිමේන්තුවට එන්න ඕනී කියලා කිව්වා. අවාසනාව තමයි ආචාර්ය මහාචාර්යවරුත් ඊයේ පාර්ලිමේන්තුවේ හැසිරුනේ ඒ සමානම ආකාරයට. වියත්මග කියලා පාර්ලිමේන්තුවට ආවා අපේ දිස්ත්රික්කවලින් ඉහළම ඡන්ද ප්රතිශතයන් අරගෙන. ඊයේ ඔප්පුකරලා පෙන්නුවා කිසිදු වෙනසක් නෑ කියලා. *
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

