පකිස්තානයේ හමුදා මාණ්ඩලික ප්රධානී ජනරාල් සහීර් සම්ෂාඩ් මිර්ෂා මහතා ශ්රී ලංකාවේ සංචාරයක් සදහා අද (09දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස එරටේ උසස් හමුදා නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණ තිබේ .
ඔවුන් අද (09දා) දහවල් 11.05 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්රී ලංකාවේ පකිස්තාන තානාපතිවරයා මෙන්ම ශ්රී ලාංකික උසස් හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
