කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලග්නයිට් කූරු51ක්,විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්,ඇමෝනියා කිලෝග්‍රෑම් 15ක් පුද්ගලයෙකු සැකපිට අද (9දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසියට ලැබුන තොරතුරකට අනුව නිළධාරීන් මාලියද්ද ගම්මානයට ගොස් සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමේදි පුපුරණ ද්‍රව්‍ය හා උපකරණ සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
අඩංගුවට ගත් සැකකරු සන්තකයේ පුපුරණ දව්‍ය තබා ගැනීමට හේතුවක් ඔහු පොලිසියට පවසා නොමැති අතර පරීක්ෂණ කටයුතු සිදුකර බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි
