අවුරුදු 11 ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරිම සහ පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරිම සම්බන්දයෙන් කට්ටඩියෙකු අත්අඩංගුවට ගත් බව ඕපාත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම, 4 කණුව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි.
මෙකි කට්ටඩියා ශාස්තර කිම සදහා වරමක් ලබාදෙන බව පවසමින් ඇයගේ නිවස තුලදි හිනිදුම බානගල ප්රදේශයේ පදිංචි අවුරුදු 11ක් සහ මාස 10ක් වියැති දැරියක් දුෂණය කොට තිබුණි. මෙකි දැරියගේ පියා දැඩිලෙස මත්පැන් පානයට ඇබ්බැහිවිම නිසා එය නතර කිරිම සදහා ගුරුකමක් කිරිමට දැරියගේ මව විසින් කට්ටඩියා ගෙන්වා තිබුණි.දැරියගේ නිවසට පැමිණි කට්ටඩියා දැරිය දැක අයට දේවවරමින් ශාස්තර කිම සදහා වරමක් ලබාදියහැකි බව පවසා ඇත.පසුව කට්ටඩියා විසින් දැරියගේ දෙම්ව්පියන් නිවසේ පිටතින් තබා දැරියට ආරුඩය ලබාදිමට බව පවසමින් ඇය නිවස තුලට රැගෙන ගොස් ඇත.
එම අවස්ථවේ විදුලිය ද විසන්දි වි ඇති අතර කට්ටඩියා විසින් නිවස තුලදි දැරිය දුෂණයට ලක්කොට ඇත.පසුව මේ පිළිබද දැරිය මවට පවසා ඇති අතර පොලිසියට කරණු ලැබු පැමිණිල්ලකට අනුව කට්ටඩියා අත්අඩංගුවට ගනු ලැබිය.
මෙකි කට්ටඩියා අවුරුදු 15ක් වියැති පාසල් සිසුවියක් නෙළුව ප්රදේශයට රැගෙන ගොස් ඇයටද ලිංගික අතවර කොට තිබු බව පොලිසිය පවසයි.
රවින්ද්රශ්රිලාල් / චන්දන සමරවික්රම