saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5223 hours ago

LATEST

අරගලකරුවන් 21ට ඇප

calendar_today 2022 ජුනි 20 - 17:22 remove_red_eye - 521  

ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාවත (මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය) අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට පාතාල ක්‍රියාකාරීන් සහ දාමරිකයින් රිංගා විවිධ තර්ජන සිදුකරමින් බලහත්කාරයෙන් සිය හිතවතුන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කරමින් සිටින බැවින් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

Read More

කාන්තාවක් ගමන් කළ යතුරු පැදිය පෙට්රල් නොමැතිව හුදෙකලා ස්ථානයක නතර වූ අවස්ථාවේදී උදවු කිරීමට යැයි පවසමින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් එම කාන්තාවගේ ගෙල බැඳි ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පලා ගොස් ඇති බව තිරප්පනය පොලීසිය පවසයි.

Read More

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී හෙට (21දා) දිවුරුම් දීමට නියමිතය.

Read More

හපුතලේ සිට ගුවන් තොටුපළෙ වෙත යාමට සිටි රුසියානු සංචාරකයෙකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලෙන් වාර්තා වෙයි.

Read More

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමටද අවස්ථාව සැලසේ.

Read More

මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රීලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින් සිදුකල ප්‍රකාශයන්ට එරෙහිව විරෝධය පාමින් ඊයේ (19දා) සවස යාපනයේ දී විරෝධතාවක් පැවැත්විණි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති දොරටු දෙක අවහිර කළ ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

නිවෙසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයට පුද්ගලික අංශයේ සේවකයින්ද යොදවන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

හැටන් ප්‍රදේශයේ සමාන්‍යපෙල උත්තර පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් අද (20දා) උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භ කිරිමට ප්‍රථම උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

Read More

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටින ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් කැකිරාව නගරය මධ්‍යයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට සංගීත ප්‍රසංගයක් ඊයේ (19දා) රාත්‍රියේ පැවැත් වූ පුවතක් වාර්තාවේ.

Read More

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

මෙම පරීක්ෂණය ආරක්ෂිත ස්වභාවයක් ගත් අතර, කිසිදු රටක් ඉලක්ක කර නොගත් එකක් බව අමාත්‍යාංශය පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් , එතැන් සිට අද(20දා) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

එක්සත් ජනපද අගනුවර වන වොෂින්ටන් ඩීසී හි පැවති සංගීත උත්සවයකදී තරුණයෙකු විසින් සිදුකළ වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මේ අනුවර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

Read More

චීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් විසින් රැස්කර ඇති ප්‍රයෝජනවත් අත්දැකීම් මත පදනම්ව, වාර්තාව අංශ 08කින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශද ඉදිරිපත් කරයි.

Read More

ශ්‍රී ලංකාව සතුව පවතින ගල් අඟුරු සංචිතය එළැඹෙන සැප්තැම්බර් 15-20 අතර කාලයේදී අවසන් වන බවත් ඉන් ඉදිරියට අවශ්‍ය ගල් අඟුරු මිලදි නොගතහොත් ලබන වසරේදී දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

මිලියන 50 ක ජනතාවක් පීඩාවට පත් කර ඇති පැතිරුණු දරිද්‍රතාවය සහ අසමානතාවය කොලොම්බියාවේ වැඩෙන අතෘප්තිය මත ජනපතිවරණය පැවැත්විණි. පසුගිය වසරේ, ලක්ෂ සංඛ්‍යාත කොලොම්බියානුවන් ඔවුන්ගේ කලකිරීම වෙනුවෙන් වීදි බැස සිටියහ.

Read More

ඔබ මෙතෙක් ගත්තා වූ සියලු තීරණ අසාර්ථක වී තිබෙන බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුයි. මේ රට මෙතනින් තවත් පහළට වැටෙන්න දෙන්නේ නැතිව බේරගෙන ගොඩගන්න එක මේ රටේ දේශපාලනය කරන සියලුදෙනාගේ වගකීම බවත් අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා තමයි සර්වපාක්ෂික, කෙටිකාලීන අන්තර්පාලන ක්‍රියාවලියක් හරහා ඔබගේ ඉවත්වීමෙන් මේ රට ගොඩගන්න හැකියාව සහ අවස්ථාව සර්ව පාක්ෂික ආණ්ඩුවකට ලබාදෙන්න කියන එක තමයි මූලික වශයෙන්ම අපිට කියන්න තිබෙන්නේ.

Read More

පාර්ලිමේන්තු බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 289ට වඩා අඩුවෙන් ලබාගෙන මැක්රෝන්ගේ සන්ධානය ආසන 245ක් පමණක් දිනා ගත්තේය.

Read More

සමගි ජන බලවේගය හෙට (20දා) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාපැදි භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මාර්ගයේ ගමන්ගන්නා අනෙකුත් වාහන හිමියන් පාපැදිකරුවන් පිළිබඳ අවධානයෙන් වාහන පදවන්නැයි පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

Read More

විදුලි බිල වැඩි කරන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ පාසල්වලට සති දෙකක කාලයක් නිවාඩු ලබාදී මාර්ග ගතව අධ්‍යන කටයුතු සිදුකරන හෙයින් පස්වරු 12.00 සිට රාත්‍රී 10.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය. එම කාලය තුළ පැයව දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන තිබේ. රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්‍රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා පැවසුවේය.

Read More

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීටම් කටයුතු පිළිබඳව සහතිකයක් තවමත් නොමැති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. කෙසේ වෙතත් එම කටයුතු අඛණ්ඩව කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන, ක්‍රිස්මස් දූපතේ රදවා තබා ඊයේ (18දා) උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබුණි .

Read More

බොරතෙල් නෞකා තුනක් සඳහා ඇණවුම් කර ඇති බවත් ඒ අනුව එළැඹෙන 29 දා ජුලි 10 හා ජුලි 14 දා බොරතෙන් නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.