saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5211 hours ago

LATEST

ලංකාවට සහාය දෙන බව IMF නියෝජිතයෝ ජනපතිට කියති

calendar_today 2022 ජුනි 24 - 18:52 remove_red_eye - 1307  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව අද (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු මියගිය සංඛ්‍යාව 1,150ක් ඉක්මවා ඉහළ ගොස් ඇති බව බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

Read More

රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (23දා) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

Read More

සෞඛ්‍ය අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දින දිවයින පුරා පිරවුම්හල් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි ලෙස ඔවුනට ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.

Read More

ලංකා ධීවර සංස්ථාව හා ස.තො.ස ආයතනය අතර ඇතිකර ගත් ගිවිසුමක් මත රජයේ ආහාර සුරක්ෂතා වැඩ පිළිවෙල යටතේ ජනතාවගේ ජීවන බර අඩුකර ලීම උදෙසා රුපියල් 1350ක් වටිනා මාළු කිලෝ 01ක් සහිත බජට් පැක් එකක් සහ කෙලවල්ලන් කිලෝ 01ක් සහිත පැකට්ටුවක් රුපියල් 1000ක මුදලකටත් අලෙවි කිරීම අද(24දා) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් වොක්ෂොල් වීදියේ පිහිටි සතොස ප්‍රධාන වෙළද සැලේදී සිදු කෙරිණි.

Read More

ජපානය සමග ගිවිසුම් ගත වූ වටිනා සංවර්ධන ව්‍යාපෘති අහෝසි කිරීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතාට පැවසීය.

Read More

යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන ලෙසත් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙන බවත් යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී පැවසූහ.

Read More

මෙරට පවත්නා අර්බුද තත්ත්වය හේතුවෙන් ඉන්දියාවෙන් නැවතත් ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (24දා) භාර දෙනු ලැබිණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24දා) නියෝග කළේය.

Read More

පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ඉන්ධන ලබා ගැනිමට පෝලීම් වල රැඳී සිටියත් ඉන්ධන නොලැබු නිසා අද( 24දා) දහවල් පුත්තලම කුරුණෑගල මාර්ගය රෝහල ඉදිරිපිටින් වසා දැමිම සිදුවිනි.

Read More

මල් ශාලාවේ වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට නිවසින් ගිය සිය සැමියා සිව් දිනක් තිස්සේ සිට නිවසට නොපැමිණි බව කියමින් අම්බලන්ගොඩ කහවේ මල් ශාලා හිමියෙකුගේ භාර්යාව පැමිණිළි කොට ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

විදේශ ගමන් බලපත්‍රය සාදා ගැනීමට වව්නියාවේ පිහිටි ආගමන විගමන කාර්යාලයට යන අතරවාරයේදී තම යතුරු පැදියට පෙට්රල් ලබා ගැනීමට ගොස් ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තරුණයෙකු අද (24 දා) අලුයම කන්ටේනර් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට කලහාකාරී පිරිස් විසින් හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (23දා) පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා වේ.

Read More

ලිට්‍රෝ සමාගම විසින් ඇනවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් රැගත් නෞකා දෙකක් ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේදී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව වාර්තා වේ.

Read More

රියදුරු තම ලොරි රථය රියදුරු අසුනෙන් බැස පනගැන්වීමට යාමේදී ලොරි රථය පනගැන්වී ඉදිරියට යාම වැලැක්වීමට නැවත ලොරි රථයට නැග ගැනීමට ගත් උත්සාහයකදී ලොරිරථයටම යටවී එම ස්ථානයේදීම ඊයේ (23දා) සවස මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

කෑගල්ල මහ රෝහල සහ සෞඛ්‍ය ආයතන වල සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (24 දා) උදෑසන සිට කෑගල්ල විකල්ප මාර්ගයේ ඉන්ධන හලට ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටියත් උදැසන 09.15වන තෙක් සෞඛ්‍ය සේවකයන් හට ඉන්ධන ලබා නොදී මහජනතාවට පමණක් ඉන්ධන නිකුත් කිරිම හේතුවෙන් කෑගල්ල මහ රෝහල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන වල සෞඛ්‍ය සේවා අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

හෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග කාන්තාවක් බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

Read More

නාවික හමුදාව බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ (23දා) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතේගම්ගොඩ ,ගිනිගල්ගොඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (24දා) දුම්රියක පාසල් වෑන් රථයක් ගැටී පාසල් වෑන් රථයේ ඉදිරිපස මුලුමනින්ම විනාශවි ගොස් ඇතැයි අහුන්ගල්ල පොලීසිය පවසයි.

Read More

’’ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කරන්නත් බෑ. ඔවුන් එද්දී (අද තරගය නැරඹීමට) කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්. කොහොම වුණත් මෙම තරගාවලිය පිටිය තුළදී අමාරු සටනක්. ඇත්ත ගත්තොත් අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ නියමිත ආකාරයෙන් නෙමෙයි. ඒ ආදරණීය කණ්ඩායමක්. ඒ වගේම සංචාරය කරන්න සුපිරි ස්ථානයක්’’

Read More

නව සැපයුම්කරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ලබාගත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව අද දිනයේදී දිවයිනට ළඟා විමට නියමිතව තිබේ.

Read More

යුක්රේනය ඇෆ්ගනිස්ථානය නොවන බවත්, මෙම මිල අධික ඩ්‍රෝන යානා රුසියානුවන් ඉතා පහසුවෙන් වෙඩිතබා බිම හෙලණු ඇති බවත් යුක්රේනය ඇමෙරිකාවට පවසා තිබේ.

Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්, අද (24දා) කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. මේ හේතුවෙන් හටගන්නා අපහසුතා සම්බන්ධයෙන් කොන්සියුලර් කටයුතු අංශය සිය කනගාටුව පළ කරන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන නායකයන්ගේ සහභාගීත්වයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සමුළුවේ මුලසුන දැරීය.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර හමුවක් පැවැත්වීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයටද අනුව මේ වනවිට මන්කිපොක්ස් වෛරසය ලොවපුරා රටවල් රැසකින් හඳුනාගෙන ඇති අතර, මෙම සතිය වනවිට එය අග්නිදිග ආසියානු කලාපයටද ඇතුළු වී තිබුණි.

Read More

රාජ්‍ය අංශයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ රැකියා සඳහා එක්විය හැකිදැයි සෙවීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.

Read More

ලෝක බැංකුවට අනුව, යුක්රේන අර්බුදය ගෝලීය ආහාර, ඉන්ධන සහ පොහොර වෙළෙඳපොළවල් කඩාකප්පල් කිරීම මගින් මෙම බලපෑම් තවදුරටත් උග්‍ර කර ඇත.

Read More

මේ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ක්ෂණික මිලදී ගැනීම යටතේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීම, ප්‍රමාද ගාස්තු වශයෙන් නැව්වලට මුදල් ගෙවීම සහ වැඩිපුර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවීම නිසා රටට ඩොලර් මිලියන 68කට ආසන්න මුලදක් අහිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

Read More

යුක්රේනය යුරෝපා සංගමය වෙත ඇතුළු වීම රුසියාවේ උදහසට හේතුවත් වනු ඇති බව කියවුණත්, මෑතකදී රුසියානු නායක ව්ලැදිමීර් පූටින් පවසා තිබුණේ ආර්ථිකමය වශයෙන් වන සන්ධානයකට යුක්රේනය ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.