නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂට පත්ව ඇත්තේ නුවරඑළිය, කලාපුර ගම්මානයේ පදිංචිව සිටි විජේසුන්දරලාගේ පාලිත සඳකැලුම් නැමැති 26 හැවරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ.
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මළසිරුර සම්බන්ධයෙන් අධිකරණමරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී අද (17) පැවැත්වීමට නියමිතව පැවැතිණි.
නුවරඑළිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ